රොබෝවෙක් දිවි නසා ගනියි
- 2024-07-03 13:27:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මධ්‍යම දකුණු කොරියාවේ නගර සභාවක කටයුතු සඳහා සහාය වූ රොබෝවරයකු දිවිනසාගෙන ඇතැයි දකුණු කොරියානු මාධ්‍ය වාර්තා කරයි. මේ අනුව අදාළ සිදුවීම සම්බන්ධයෙන් දකුණු කොරියාව පරික්ෂණයක්ද ආරම්භ කර තිබේ.
දකුණු කොරියාවේ ගුමි නගරයේ නගර සභාවේ වසරක කාලයක පටන් සේවයේ යොදවා තිබූ මෙම රොබෝවරයා පසුගිය සතියේදී නගර සභාවේ ගොඩනැගිල්ලක පඩිපෙළක් පහළ අක්‍රිය වී තිබී ඇතැයි එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
මෙම සිදුවීමට පෙර රොබෝවරයා යමක් වැරදී ඇති සේ කැරකෙමින් පඩිපෙලේ සිටිනු ඇසින් දුටු සාක්ෂිකරුවන් දුටු බවත්, සිද්ධියේ තත්වයන් අනාවරණය කර ගැනීම සඳහා පරීක්ෂණ සිදුවෙමින් පවතින බවත් එම නගර සභාවේ නිලධාරියෙක් පවසා තිබේ.
“රොබෝවරයාගේ කොටස් එකතු කර ඇති අතර එය නිර්මාණය කළ සමාගම විසින් සිද්ධිය විශ්ලේෂණය කරනු ඇත” නිලධාරියා තවදුරටත් පැවසීය.
කැලිෆෝනියාවේ Bear Robotics විසින් නිපදවන ලද රොබෝවරයා උදේ 9 සිට සවස 6 දක්වා මෙහි සේවය කර තිබේ.
එක් මහලකට සීමා වූ අනෙකුත් රොබෝවරුන් මෙන් නොව,මෙම රොබෝවරයා සෝපානය අමතා මහල් අතර ගමන් කිරීමේ හැකියාවක්ද තිබී ඇත.
ජාත්‍යන්තර රොබෝ විද්‍යා සම්මේලනයට අනුව සෑම සේවකයින් දස දෙනෙකුට එක් රොබෝවරයෙකු දකුණු කොරියාවේ සේවයේ යොදවා ඇති අතර එරට ලොව ඉහළම රොබෝ ඝනත්වය පවතින රට ලෙසද සැලකේ.
Reply To:
Name - Reply Comment
0 Comments