Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857
LATEST NEWS


 
චීනයෙන් 2011 වසරේ දී ගුවන් ගතකර ටියැන්ගොන්ග් 1(Tiangong-1) අභ්‍යවකාශ මධ්‍යස්ථානය (01) අද මධ්‍යම රාත්‍රී 12:34 ට ශ්‍රී ලංකාවට කිලෝ මීටර් 479 ක් තරම් ඉහළින් ගමන් කරන බව කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා සහ අභ්‍යාවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය.
 
ප්‍රධාන කොටස් ශ්‍රී ලංකාවට කඩා නොවැටෙන බවත් ඒ හේතුවෙන් මෙරට ජනතාවට කිසිදු බියට පත් නොවිය යුතු බවත් ඔහු පැවසීය.
 
අභ්‍යවකාශ මධ්‍යස්ථානය කඩාවැටෙන ස්ථානය වායු ගෝලීය බලපෑම් වල වෙනස් වීම මත නිවැරදිවම ගණනය කළ නොහැකි බව ඔහු කීවේය.
 
මෙතෙක් කර ඇති නිවැරදිම ගණනය කිරීම් වලට අනුව එය ලංකාව පසු කර සුළු මොහොතකින් කඩා වැටිය හැකිබව පැවසීය.
 
(02) හෙට අලුයම 04.55 මැලේසියාවට ආසන්නව උතුරට බරව පැසිෆික් මුහුදු කලාපයට කඩා වැටෙනු ඇතිබව මහාචාර්යවරයා සඳහන් කළේය. අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ කඩා වැටීම පියවි ඇසට නොපෙනෙන බවත් යම් ලෙසකින් දුරේක්ෂයක් හරහා දැක ගැනීමේ හැකියාවක් පවතිනු ඇති බව මහාචාර්යවරයා වැඩිදුරටත් පැවසීය.


අමල් වික්‍රමරත්න-ලංකාදීප

Tiangong-1 was sent into orbit in 2011 for experiments. Pic: CMSE

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.