මහජනතාව තමන් ලබාගන්නා ඖෂධ පිළිබඳව දැනුවත් කළ යුතුයි
- 2017-09-14 12:02:28
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මහජනතාව තමන් ලබාගන්නා ඖෂධ පිළිබඳව දැනුවත් කළ යුතු බවත් ඒ නිසාම ''නිතර භාවිත කරන ඖෂධ ගැන රෝගීන් විසින් දැනගත යුතු කරුණු'' නැමැති පොත නිකුත් කිරීමට කටයුතු කළ බවත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ, ඖෂධ කමිටුවේ සභාපති, මහාචාර්ය ගීතා ප්‍රනාන්දු මහත්මිය පැවසුවාය.
මහාචාර්ය ගීතා ප්‍රනාන්දු මහත්මිය මේ බව සඳහන් කළේ,ද (13) සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ දී මේ බව සඳහන් කළේ,ලෝක රෝගී ආරක්ෂණ දිනය වෙනුවෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ මාධ්‍ය සම්මන්ත්‍රණයට සහභාගී වෙමිනි.
මහජනතාව තමන් ලබාගන්නා ඖෂධ සම්බන්ධයෙන් දැනුවත් නෑ. ඇතැම් වෛද්‍යවරුන්ගෙන් හා ඖෂධවේදීන්ගේ ඖෂධයක් ගැන අහන්න බැහැ.මේ තත්ත්වය වෙනස් විය යුතුයි.ඒ නිසා වෛද්‍ය සංගමය තීරණය කළා ජනතව දැනුවත් කරන්නට ''නිතර භාවිත කරන ඖෂධ ගැන රෝගීන් විසින් දැනගත යුතු කරුණු'' නැමැති පොත නිකුත් කරන්නට.මේ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යවරයා දැනුවත් කළාම, එතුමා මෙහි අති වැදගත්කම අවබෝධ කරගත්තා. ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය, ජතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලේ අනුග්‍රහය ලබාදුන්නා.
ඖෂධ සම්බන්ධයෙන් කතාකරන විට ප්‍රතිජීවක ඖෂධ සාකච්ඡා කළ යුතුයි.ප්‍රතිජීවක ඖෂධ අනිසිසි ලෙස භාවිතා කිරීමෙන් ප්‍රතිවිපාක ඇතිවිය හකියි.විශේෂයෙන් ප්‍රතිරෝධක ඇතිවෙනවා.බැක්ටීරියා ආසාදනයට පමණයි ඇන්ටි බැක්ටිරියා ඖෂධ ලබාදෙන්නේ.උණක් වුණත් ප්‍රතිජීවක දෙනවා. එය වැරදියි.මෙහිදී නිසි මාත්‍රාව ලබාගැනීමත් වැදගත්. රෝගියා ප්‍රතිජීවක තීරණය කිරීම වැරදියි.ඖෂධ සම්බන්ධයෙන් කමිටුවක් දමා තිබෙනවා. මහජනතාව ඖෂධ පිළිබඳව දැනුවත් කළ යුතුයි යැයි ද මහාචාර්ය ගීතා ප්‍රනාන්දු මහත්මිය පැවසුවය.
(රජයේ නිල පුවත් සේවය)
Reply To:
Name - Reply Comment
0 Comments