"තෙහෙට්ටුවට හල්පිට්ටු, සැප නින්දට මඩුපිට්ටු"
- 2017-11-27 02:03:44
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
(බිබිසී සන්දේශය)
වැරදි අහාර රටා හේතුවෙන් අද වනවිට ජනතාව ඉක්මනින් බෝ නොවන රෝගවලට ගොදුරු වන බව බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. මෙම බෝ නොවන රෝග අභියෝගය ජය ගැනීම සඳහා දේශීය ආහාර සංස්කෘතිය ප්‍රවර්ධනය කළ යුතු බව බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ වෛද්‍ය කීර්ති හලඹගේ පැවසීය. දේශීය වෛද්‍ය ක්‍රම සහ අනුපූරක වෛද්‍ය ක්‍රම පිළිබඳ ප්‍රායෝගික භාවිතයේ වටිනාකම්, වර්ධනීය අවස්ථා සහ නවතාවයන් පිළිබඳ සාකච්ඡා කිරීමේ අරමුණින් සෞඛ්‍ය අමාත්‍යංශය, බත්තරමුල්ල වෝටර්ස් ඒඡ් පරිශ්‍රයේ දී සංවිධානය කර තිබෙන ප්‍රදර්ශනයක් අතරතුර බීබීසි සිංහල සේවයට අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.
දේශීය වෛද්‍ය ක්‍රම සහ අනුපූරක වෛද්‍ය ක්‍රම පිළිබඳ ප්‍රායෝගික භාවිතයේ වටිනාකම්, වර්ධනීය අවස්ථා සහ නවතාවයන් පිළිබඳ සාකච්ඡා කිරීමේ අරමුණින් සෞඛ්‍ය අමාත්‍යංශය, බත්තරමුල්ල වෝටර්ස් ඒඡ් පරිශ්‍රයේ දී සංවිධානය කර තිබෙන ප්‍රදර්ශනයක් අතරතුර බීබීසි සිංහල සේවයට අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.
දියවැඩියාව, රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම වැඩිවීම, අධික රුධිර පීඩනය, හෘදයාබාධ වැනි බෝනොවන රෝග සඳහා වැරදි අහාර රටා හේතුවී ඇති බව පවසන වෛද්‍ය කීර්ති හලඹගේ, ක්ෂණික අහාර වෙනුවට දේශීය ගුණදායක ආහර ප්‍රවර්ධනය කිරීමට දැන් කාලය එළඹ ඇති බව පෙන්වා දුණි.
"අපේ අහාර රටාව හැදිලා තියෙන්නේ කෘත්‍රිම ක්ෂණික අහාර මත. අනික තමයි කෘත්‍රිම රස කාරක, වර්ණ කාරක, සුවඳ කාරක, දැන් බලන්න අපේ ස්වභාවික දේවල් වලින් මේදේම කරන්න පුළුවන්, වර්ණ කාරක සඳහා පවා ඒවා යොදාගන්න පුළුවන්"
ගුණදායක ආහාර ගැන ජනතාව දැනුවත් කිරීම පමණක් නොසැහෙන බව ඔහු කියා සිටී.
Reply To:
Name - Reply Comment
0 Comments