දකුණු ආසියාවේ ඉපැරණිතම ගල් මෙවලම් පාහියංගලින් සොයාගනී
- 2019-10-08 02:10:10
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දකුණු ආසියානු වැසි වනාන්තර ආශ්‍රිත වාසභූමිවලින් හමුවන ඉපැරණිතම කුඩා ගල් මෙවලම් ශ්‍රී ලංකාවේ පාහියන්ගල ලෙනෙන් සොයාගෙන තිබේ. එම මෙවලම් වසර 45,000කට පමණ පෙර ආදි මානවයා සකසන ලද ඒවා බව හඳුනාගෙන ඇත.
වඳුරන්, ලේනුන් වැනි වෘක්ෂ ආශ්‍රිතව ජීවත් වන සතුන් දඩයම් කිරීම සඳහා මෙම ආයුධ යොදාගන්නට ඇතැයි පුරාවිද්‍යාඥ ඔෂාන් වෙදගේ මහතා පවසයි. මෙම කුඩා ආයුධ තිරිවානා වැනි පාෂාණවලින් සාදා ඇති අතර කෙළවර තියුණු උල් ආකාරය ගනී.
මෙම මෙවලම් අනුව ලබාගත් නිගමන සැලකීමේදී ආදි මානවයා විවිධ පරිසර පද්ධතීන්හි වාසය කරන්නට ඇති බවද, වැසි වනාන්තර හේතුවෙන් ආදි මිනිසාගේ ව්‍යාප්තියට බාධාවක් වී යැයි පවතින මත නිෂේදනය වන බවද ඒ සම්බන්ධයෙන් තවදුරටත් ගවේෂණය කරන පුරාවිද්‍යාඥයෝ කියති.
(ඩේලි මේල් ඇසුරිනි)
Reply To:
Name - Reply Comment
0 Comments