Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857
LATEST NEWS

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට ක්‍රීඩා කරන 14 හැවැරිදි විභාවි සූර්යවංශි ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට එරෙහිව ඊයේ රාත්‍රී පැවැති තරගයේදී වේගවත් ශතකයක් රැස් කරමින් අයි.පී.එල්. පිටියේදී වාර්තා රාශියක් පිහිටුවීමට සමත්විය.

මෙම තරගයේදී සූර්යවංශි පන්දු 35කදී ශතකයක් රැස් කිරීමට සමත්වූ අතර එයි විස්සයි20 පිටියේදී මෙන්ම අයි.පී.එල්. තරග ඉතිහාසයේ ශතකයක් රැස් කළ ලාබාළම ක්‍රීඩකයා ලෙස ඉතිහාස ගත වූ ඉනිමක් විය.

එසේම මෙම අයි.පි.එල් පිටියේ දෙවැනි වේගවත්ම ශතකය වූ අතර ක්‍රිස් ගේල් පන්දු 33කදි රැස් කළ ශතකය තවමත් අයි.පී.එල්. පිටියේ වේගවත්ම ශතකය වෙයි.

සූර්යවංශි දැවී යන විට පන්දු 38කදී ලකුණු 101ක් රැස් කර තිබුණ අතර එයින් ලකුණු 94ක්ම රැස් කර තිබුණේ හයේ හා හතරේ පහර වලිනි. ඔහු‍ගේ ඉනිමට හයේ පහර 11ක් වාර්තා වූ අතර එය අයි.පි.එල්. පිටි‍යේ එක් තරගයකදී ක්‍රීඩකයෙක් එල්ල කළ වැඩිම හයේ පහරට හිමි වාර්තාවද සම කිරීමක් විය.

මෙම තරගයේදි මුලින්ම පන්දුවට පහරදුන් ගුජරාට් කණ්ඩායම ලකුණු 209ක් රැස් කළ අතර එම ඉලක්කය පන්දුවාර 15.5කදි කඩුලු ‍දෙකක් පමණක් දැවී ලකුණු 212ක් රැස් කරමින් පසුකර යාමට රාජස්ථාන් කණ්ඩායම සමත්වූයේ සූර්යවංශයේ ප්‍ර වේගකාරි ඉනිම ‍හේතුවෙනි.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.