“සුපිරි සඳ“ අද රෑ
- 2016-11-14 00:59:41
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අවුරුදු 68කට පසු දැකිය හැකි විශාලම සහ දීප්තිමත්ම චන්ද්‍රයා සඳුදා (14) රාත්‍රී අහසේ දැකිය හැකි බව නාසා ආයතනය පවසයි. මෙය “සුපිරි සඳ“ ලෙස හඳුන්වයි. විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය යටතේ පවතින ශ්‍රී ලංකා ග්‍රාහලෝකාගාරය පවසන්නේ 2016 නොවැම්බර් 14 වන දින ඉල් පුර පසළොස්වක පොහොය දින පෘථිවි වාසීන්ට සුපිරි හඳක් (Super Moon) දර්ශනයට අවස්ථාවක් උදාවන බවයි
වසර 68 කට පසු පෘථිවි වාසීන්ට උදාවන මෙහිදී චන්ද්‍රයා 14% ක ප්‍රමාණයකින් විශාලව දිස්වන අතර 30% ක ප්‍රමාණයකින් දීප්තිය වැඩිවී දැකගත හැකිය. මින් පෙර මෙවැනි අවස්ථාවක් සිදුවී ඇත්තේ 1948 වසරේදීය. නැවතත් මෙවැනි සුපිරි සඳක් පෘථිවි වාසීන්ට දැකගත හැකි වන්නේ 2034 නොවැම්බර් මස 25 දින බව ද ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය පවසයි.
අවුරුදු 68කට පසු දැකිය හැකි විශාලම සහ දීප්තිමත්ම චන්ද්‍රයා සඳුදා රාත්‍රී අහසේ දැකිය හැකි බව පවසන නාසා ආයතනය මෙය “සුපිරි සඳ“ ලෙස හඳුන්වයි. මෙවැනි දිනයක පායන හඳ සාමාන්‍ය පසලොස්වක දිනයක හඳට වඩා සියයට 14ක විශාලත්වයකින් සහ සියයට 30ක දීප්තියකින් වැඩි බව ඔවුන් පෙන්වා දෙති.
නාසා ආයතනය පවසන පරිදි චන්ද්‍රයා පෘථිවියට වෙනදාට වඩා ආසන්නයෙන් ගමන් කරන බවයි. අවුරුද්දකදී අවස්ථා කිහිපයක් චන්ද්‍රයා පෘථිවියට ලඟින් ගමන් කරන අතර හෙට දිනයේ විශේෂ අවස්ථාවක් බවත් මෙවැනි අවස්ථාවක් මීට පෙර උදාවී ඇත්තේ 1948 වර්ෂයේදීය. මෙම සංසිද්ධිය පියවි ඇසින් දැකිය හැකි අතර රාත‍්‍රී 7.30 ට පමණ හොඳින් නිරීක්ෂණය කළ හැකිය. උදම් රළ ඇති වීමේ දි චන්ද්‍රයාගේ බලපෑමක් ඇති බවත් ඒ අනුව මෙදින චන්ද්‍රයා පෘතුවියට ආසන්න විම හේතුවෙන් උදම් රළ වැඩි විමේ අවදානමක් ද ඇතැයි ග‍්‍රහලෝකාගාරය පෙන්වා දෙයි. එමෙන්ම එම අවස්ථාවේ දී සූර්යයා පෘථිවිය හා චන්ද්‍රයා යන ආකාශ වස්තුන් තුනම එකම රේඛාවක පිහිටයි.
The last supermoon appeared 69 years ago and will next be seen in 2034. (Source: AP)
Credit: NASA/Bill Ingalls
Reply To:
Name - Reply Comment
0 Comments