Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857
LATEST NEWS

‘ 2018-2019 කලණ මිතුරු පොත් සුමිතුරු’ තිරසර කියවීම් ප්‍රවර්ධන වැඩසටහනේ සමාරම්භක උත්සවය අද (06දා) පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ දැයේ දරුවන් කියවීමට ඇබ්බැහි කරවීම අධ්‍යාපන අමාත්‍යාංශයේ පරමාර්ථය බවයි. දරුවන් තුළ කියවීම ඇබ්බැහි කරවීම යනු දැනුමෙන් සහ බුද්ධියෙන් සවිබල ගැන්වුණු අනාගත පරපුරක් රටට නිර්මාණය කිරීමක් වන බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

එමෙන්ම සියලු රජයේ පාසල්වල පුස්තකාල තවදුරටත් විධිමත් කරමින් ඒවායේ මානව සම්පත් තවතවත් වැඩි වර්ධනය කිරීම ද රජයේ අපේක්ෂාව වන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙහිදී ප්‍රකාශ කළේය. දිවයිනේ පාසල්වල 06 සිට 13ශ්‍රේණිවල ඉගෙනුම ලබන සිසුන් සඳහා මෙම ‘කලණ මිතුරු පොත් සුමිතුරු’ තිරසර කියවීම් ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක වෙයි.

පදක්කම් වැඩසටහන සහ ප්‍රාසාංගික වැඩසටහන ලෙස අංශ දෙකකින් එම වැඩසටහන සමන්විතයි. 

පදක්කම් වැඩසටහන යටතේ කියවන ලද එක් එක් පොත් වෙනුවෙන් ලියන ලද කාර්ය සටහන් පත්‍රිකාවලින් 50% කට වඩා ලකුණු ලබාගත් සටහන් වාර්තා 50ක් සම්පූර්ණ කරන සිසුන් (පොත් 50ක් කියැවූ සිසුන්) වෙත රිදී පදක්කම ද,  කියවන ලද එක් එක් පොත් වෙනුවෙන් ලියන ලද කාර්ය සටහන් පත්‍රිකාවලින් 50% කට වඩා ලකුණු ලබාගත් සටහන් වාර්තා 75ක් සම්පූර්ණ කරන සිසුන් (පොත් 75ක් කියැවූ සිසුන්) වෙත රන් පදක්කම ද, කියවන ලද එක් එක් පොත් වෙනුවෙන් ලියන ලද කාර්ය සටහන් පත්‍රිකාවලින් 50% කට වඩා ලකුණු ලබා ගත් සටහන් වාර්තා 100ක් සම්පූර්ණ කරන සිසුන් (පොත් 100ක් කියැවූ සිසුන්) වෙත ප්ලැටිනම් පදක්කම ද පිරිනැමීමට කටයුතු යොදා තිබේ.

ප්‍රාසාංගික වැඩසටහන පාසල්, කලාප, පළාත් සහ ජාතික මට්ටමින් ක්‍රියාත්මක කරනු ලබයි. එහි ප්‍රථම අදියර වන පාසල් මට්ටමේදී පාසල් පුස්තාකලයේ පොත් අතරින් හෝ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පාසල්වල භාවිතය සඳහා අනුමත කළ පොත් අතරින් දරුවන්ගේ කැමැත්ත පරිදි සුදුසු කෘතියක් තෝරාගෙන ඊට අදාළ කාර්ය සටහන් පත්‍රිකා ගොනුව සම්පූර්ණ කර පන්තිභාර ගුරුවරයාට බාර දිය යුතුය.  දෙවන අදියරේදී එසේ පාසල් මට්ටමින් එවනු ලබන කියවන්නන් අතුරෙන් කලාප මට්ටම සඳහා හොඳම කියවන්න් 20දෙනෙකු තෝරා ගැනේ. කලාප මට්ටමින් තෝරා එවනු ලබන හොඳම කියවන්නන් 20දෙනාගෙන් පළාත් මට්ටම සඳහා හොඳම 10දෙනා තෝරාගැනීම් මෙහි තෙවැනි අදිරයයි. සිවුවන අදියරයේ දී සිදුවන්නේ පළාත් මට්ටමේ හොඳම කියවන්නන් අතර ජාතික මට්ටමින් ප්‍රශ්න විචාරාත්මක රියැලිටි රූපවාහිනී වැඩසටහනක් පැවැත්වීමයි. එමෙන්ම මෙම වැඩසටහන යටතේ වසරක් පාසා තෝරාගැනෙන හොඳම කියවන්නන් 100ක් සඳහා විදේශ ශිෂ්‍යත්ව පිරිනැමීමටද නියමිතය.

‘2018 – 2019 කලණ මිතුරු පොත් සුමිතුරු’ තිරසර කියවීම් වැඩසටහට අදාළ චක්‍ර‍ලේඛය සහ උපදෙස් සංග්‍රහය පිළිගැන්වීම මෙන්ම එම වැඩසටහන යටතේ ජයග්‍රාහී සිසුන්ට පිරිනැමෙන රිදී, රන් සහ ප්ලැටිනම් පදක්කම් එළි දැක්වීමද අද සිදු කෙරිණි.

මෙහි නිල සහායෝගී හවුල්කරු හා මාධ්‍ය අනුග්‍රහය විජය සහ විජායි ළමා පුවත්පත්ය.

නිරෝධා ප්‍රියදර්ශනී

ඡායාරූප රුසිරු තරංග - ශමීර රාජපක්ෂ

   
   
   
   
   
   
   
   
   
   

 

 

 

 

 

 

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.