මධ්‍යම කඳුකරයේ පාංශූ හායනයට කඩිනම් වැඩපිළිවලක් අවැසියි මහාචර්යය පි.අයි. යාපා
- 2016-11-27 17:14:51
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මධ්‍යම කඳුකර සිදු කරන කෙරනෙ උග්‍ර පාංශ්‍ර හායනය නිසා ඉදිරියේදී අපටත් ඉතියෝපියාවක් බවට පත් වීමේ සම්බාවිතාවක් මතුව ඇතැයි සබරගමුව විශ්ව විද්‍යාලයේ පාරිසරික විද්‍යා මහාචාර්ය පි.අයි. යාපා මහතා සඳහන් කරයි. ඉදරි දසක 2-3ක් ඇතුළත පාංශු හායනය වැලැක්වීමට විශේෂ වැඩ පිළිවලක් කඩිනමින් ආරම්භ කළ යුතු බව මහාචාර්යවරයා සඳහන් කරයි. දෙල්තොට පීටර් ඩන්කන් පදනම සංවිධානය කළ පේරාදෙණීය විශ්ව විද්‍යාලයීය කෘෂිකර්ම පීඨයේ පැවැති වැඩමුළුවකදී මහාචර්යවරයා ඒ බව කීය. මෙය අපරට තුළ පහසුවෙන් කළ හැකි බවත් චීනය මේවන විටත් කාන්තාර හරිතකරණ වැඩ පිළිවල සාර්තකව ඉටු කර ලෝක හරිතකරණ වැඩපිළිවලට හොඳ මගක් තනා දී ඇති බවත් කීය. වහාම මෙරට බලධාරින් පාංශු විද්‍යාඥයින්ගේ සහය ඇති කඳුකර පාංශු සංරක්ෂණ ක්‍රියාවලිය ආරම්භ කළ යුතු බව අවධාරණය කරන මහාචාර්යවරයා පාංශූ හායනව මේ වන විට වැඩි වී ඇති නිසා ජලය රඳවා ගැනීම සිදුනොවීමේන් වැඩි වශයෙන් නියං කාල උදා වන බව ද පෙන්වා දුනි.
කඳුකරයේ පාංශු හායනය වැලැක්වීමට නැවත වන වගාව ආරම්භ කළ යුතු අතර ඒ සඳහා නම් දේශීය ශාක හා ආවේණික ශාක පමණක් යොදා ගත යුතු බවද පෙන්වා දෙන මහාචර්යවරයා වෙනත් ආයනික ශාක යොදා ගැනීම තවත් පාරිසරක අර්බුද නිර්මාණය විය හැකි බවද පෙන්වා දුනි.
ඉන්දික සෙනෙවිරත්න
Reply To:
Name - Reply Comment
0 Comments