අධිවේගයට හරස් කැපූ පඬුකරදගහ ගලවන් යයි
- 2023-07-12 11:35:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කොළඹ - නුවර අධිවේගී මාර්ගය ඉදිකිරීමේ කටයුතු සැලසුම් කිරීමේදීකපා ඉවත් කිරීමට සූදානම් වූඅවස්ථාවේ පරිසරවේදීන්ගේ විරෝධතා මැද ආරක්ෂා කෙරුණු ඉපැරණිගසක් වූ පඬුකරදගහ කිසියම් පිරිසක් විසින් බැකෝ යන්ත්ර උපයෝගී කරගනිමින් ගලවා ඉවත් කරගෙන රැගෙන ගිය බව ප්රදේශවාසීහු පවසති.
වේයන්ගොඩ, දාරළුව ප්රදේශයේපිහිටි එම පඬුකරදගහ වසර 100කටත් වඩා ඉපැරණි ගසක් බවද ප්රදේශවාසීහු පවසති.
අධිවේගී මාර්ගයඉදිකිරීමේදී එම ගස බාධාවක් වන්නේ නම්, ගස එම ස්ථානයෙන් ගලවා වෙනත් ස්ථානයක සිටුවීමටද සැලසුම් කර තිබූ බව ඔවුහු සඳහන් කළහ.එනමුත් බැකෝ යන්ත්ර දෙකක් පටවාගත් ලොරිරථයකින් පැමිණිපිරිසක් ඉතා කෙටි කාලයකදී එම ගස ගලවා ඉවත් කර බැකෝ යන්ත්ර පටවාගෙන පැමිණි ලොරි රථයටමපඬුකරදගහපටවාගෙන රැගෙන ගිය බව එම පිරිස් පවසා සිටිති.
එම ගස ගලවා ඉවත් කිරීම සඳහා චීන සහ සිංහල ජාතිකයන් පිරිසක් පැමිණ සිටි බවද ප්රදේශවාසීහු වැඩිදුරටත් සඳහන් කරති. (wmdjbm)
Reply To:
Name - Reply Comment
0 Comments