Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857
LATEST NEWS

ඇමෙරිකාවේ සවුත් වෙස්ටර්න් ලෝ කොලේජ් නීති විද්‍යාලයේ ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ඩිලන් මහේන් ගුණරත්න 2023 වසරේ ඇමෙරිකාවේ හොඳම නීති ශිෂ්‍යයා ලෙස සම්මානයට යෝජනා වී ඇත.

‘සවුත් වෙස්ටර්න් ලෝ කොලේජ්’ නීති විද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය ලබන 19 වැනිදා පැවැත්වෙන අතර, නීති සිසුන් වෙනුවෙන්, විශේෂ කතාවක් පැවැත්වීමට තෝරාගෙන ඇත්තේ ද ඩිලන් මහේන් ගුණරත්න වීම විශේෂත්වයකි.

‘සවුත් වෙස්ටර්න් ලෝ කොලේජ්’ නීති විද්‍යාලයේ විශේෂ කතාවක් පැවැත්වීමට ලාංකික නීති ශිෂ්‍යයකු තෝරාගත් පළමු අවස්ථාව මෙයයි.

කැනඩාවේ උපන් ඩිලන් මහේන් ගුණරත්නගේ මවුපියෝ ලාංකිකයෝය. ඩිලන්, සිය ප්‍රථම උපාධිය ලබාගත්තේ ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් ‘කැල් ස්ටේට්’ විශ්වවිද්‍යාලයෙනි.

ඉන්පසු ඔහු කැනඩාවේ ටොරොන්ටෝ නුවර ‘වයිටීවී’ නාළිකාව හා සම්බන්ධවී කටයුතු කළේය. ‘සවුත් වෙස්ටරන්’ නීති විද්‍යාලයට ඔහු ඇතුළු වූයේ ඇමෙරිකන් ඩොලර් 75,000ක ශිෂ්‍යත්වයක් දිනා ගනිමිනි.

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.