Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857
LATEST NEWS

ඉන්දියාවේ 'චන්ද්‍රයාන් 3 වික්‍රම්' රොබෝ සාර්ථකව සඳට ගොඩබෑවේය. 'චන්ද්‍රයාන් 3 වික්‍රම්' යානය පතිත කළේ සඳුගේ දක්ෂිණධ්‍රැවයේ තෝරාගත් ස්ථානයකටය. සෝවියට් දේශය, ඇමෙරිකාව සහ චීනයට පසු සඳට රොබෝ යානයක් පතිත කළ සිවුවැනි රට ඉන්දියාව වීම විශේෂත්වයකි.

ඊට අමතරව, සඳුගේ දක්ෂිණධ්‍රැවයේ ස්ථානයකට රොබෝ යානයක් පතිත කළ පළමු රට ඉන්දියාවය. යානය සඳට ගොඩබෑවේ පස්වරු 6.04 ටය. ඊට පෙර යානය මිනිත්තු 20 ක අවදානම් කාලසීමාවක් තුළ, සඳුගේ කක්ෂයේ සිට පහළට ගමන් කළ බව ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය පැවැසීය.

'චන්ද්‍රයාන් 3 වික්‍රම්' රොබෝ යානයේ සඳට පතිත කිරීමේ වික්‍රමය පස්වරු 5.20 සිට සජීවීව විකාශය කිරීමට ද ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය පියවර ගත් අතර ලොව බොහෝ දෙනකු එය නැරැඹූ බව වාර්තා වේ. ඉන්දියාව පුරා පාසල් බොහොමයක මෙම කාලසීමාව තුළ විවෘතව තැබෙන බවත්, සිසුන්ට ද සජීවී දසුන් නැරඹීමට ඉඩ ලැබුණි.

'බ්‍රික්ස්' සමුළුවට සහභාගී වීමට දකුණු අප්‍රිකාවට ගොස් සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සජීවීව ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය සමඟ සම්බන්ධ වෙමින්, යානයේ ගොඩබෑම නැරැඹීය. යානය සාර්ථකව ගොඩබෑමත් සමඟ ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයන් අමතමින් සුබ පැතීමට මෝදි අමතක නොකළේය.

'චන්ද්‍රයාන් 3' වික්‍රමය සාර්ථක වීමෙන් පසු දකුණු අප්‍රිකාවේ සිටි අග්‍රාමාත්‍ය මෝදි, ජාතිය ඇමැතුවේය. ඉන්දියාව මීට පෙර 'චන්ද්‍රයාන් 2' මෙහෙයුම යටතේ ද 'වික්‍රම්' නමින් රොබෝ යානයක් සඳට පතිත කිරීමට උත්සාහ ගත්තේය. කෙසේ නමුත් එය අසාර්ථක විය. එම යානය සඳට කඩා වැටුණි.

'චන්ද්‍රයාන් 3' මෙහෙයුම ක්‍රියාත්මක වන්නේ 'චන්ද්‍රයාන් 2' මෙහෙයුමේ දී සිදුවුණු දෝෂ නිවැරදි කරමිණි. 'චන්ද්‍රයාන් 3' මෙහෙයුම යටතේ සඳට පතිත කළ 'වික්‍රම්' යානය තුළ කුඩා රෝවර් යානයක් ද ඇත. රෝවර් යානය ‘ප්‍රාග්යාන්’ යනුවෙන් ද නම් කර තිබේ. රෝවර් යානයට සඳ මතුපිට එහෙමෙහෙ යමින් ගවේෂණය කිරීමට හැකිය.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.