කහ මාපිලාට විද්‍යාත්මක නාමයක්
- 2022-12-14 10:05:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකාවේ දැනට හමුවන මාපිල් විශේෂ පහකි. ඒ අතරින් තිදෙනෙක් මෙරටට ආවේණික විශේෂ වේ. මෙතෙක් මාපිල් විශේෂ දෙකක් ශ්‍රී ලංකාවට ආවේණික විශේෂ වශයෙන් පිළිගැනිණි. මේ අතරට අලුතින්ම එක්වූ විශේෂය නම් මේ දක්වා කහ මාපිලාට සමාන විශේෂයක්යැයි සැලකූ Boiga beddomei නමින් හැඳින්වූ විශේෂයයි. ඒ අනුව රණවනගේ රන් මාපිලා යැයි එම විශේෂය අලුතින් නම් කෙරිණි.
ශ්‍රී ලංකාවේ හමුවන මාපිලුන් සියල්ල Boiga ඝනයට අයත් වේ. මොවුහු රුක්වැසි ජීවන රටාවක් පෙන්වති. නිශාචර ජීවියෙක් ලෙස සැලකේ. මාපිලුන්ගේ ඇස්වල කනිනිකාව බළලුන්ගේ ඇස්වල කනිනිකාව මෙන රාත්‍රී කාලයේ දී විශාල වේ. එම නිසා cat snake යනුවෙන් නම්කරයි. කුඩා ක්ෂීරපායින් ගෙම්බන්,කටුස්සන් ගොදුරු කරගනී.
ශ්‍රී ලංකාවට ආවේණික මාපිල්ලු
ශ්‍රී ලංකාවේ හමුවන මාපිල් විශේෂ අතරින් Boiga ceylonensis ( නිදි මාපිලා), Boiga barnesii (පඳුරු මාපිලා) සහ Boiga ranawanei (රණවනගේ රන් මාපිලා) යන මාපිලා විශේෂ ශ්‍රී) ලංකාවට ආවේණික වේ. ) මේ හැරුණු විට Boiga forsteni (නාග මාපිලා), Boiga trigonata ( Indian Gamma Snake) මාපිලා විශේෂ දෙකද ශ්‍රී ලංකාවෙන් හමුවේ.
නිදි මාපිලා ශ්‍රී ලංකාවට
බොයිගා බෙඩොමෙයි ඉන්දියාවට
වසර 2020 වනතුරුම නිදි මාපිලා (Boiga ceylonensis ) සහ කහ මාපිලා(Boiga beddomei ) හඳුනාගෙන තිබුණේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යන දෙරටෙහිම හමුවන මාපිල් විශේෂ 2ක් වශයෙනි. එනමුත් වසර 2020 දී ඉන්දියානු ජාතික ආචාර් ය එස්.ආර්.ගනේෂ් ඇතුළු පර් යේෂණ කණ්ඩායම විසින් නිදි මාපිලා මෙරටට ආවේණික විශේෂයක් යන බව තවදුරටත් තහවුරු කෙරිණ. එම විශේෂය Boiga ceylonensis යනුවෙන් නම් කෙරිණි.
මුලින් ඉන්දියාවේ සහ ශ්රීම ලංකාවේ හමුවන බවට සැලකූ Boiga beddomei විශේෂය ඉන්දියාවේ බටහිර ඝාට්ස් කඳුවැටි ප්‍ර දේහය අශ්‍රිතව පමණක් හමුවන ඉන්දියාවට ආවේණික සර්ප විශේෂයක් ලෙස නාමකරණය කෙරිණි. මෙම විශේෂ හඳුනාගැනීමේදී ඒ සඳහා එම විශේෂවල අණුක ජීව විද්යායත්මක දත්ත සහ වර්ග ගීකරණයේදි යොදා ගැනෙන නිර් නායක උපයෝගී කරගැනිණි.
රණවණගේ රන් මාපිලා
නමුත් ශ්‍රී ලංකාවේ Boiga beddomei නමින් හැඳින්වුණු විශේෂයට (2005 වසරේදී මහනුවර ගන්නෝරුව ප්‍ර දේශයෙන් හමුවූ නිදර්ශක මඟින් විස්තර කළ ) Boiga ranawanei නාමය නැවත වලංගුතාවක් ඇතිවිය. 2022.12.12 දින Russian journal of herpetology ජර්නලයේ පළවූ පර්යේෂණ පත්‍රිකාවකින් නැවත ඒ බව තහවුරු කෙරිණි. මෙම පර්යේෂණ පත්‍රිකාව ඉන්දියානු ජාතික ආචාර්ය එස්.ආර්.ගනේෂ් සහ ශ්‍රී ලංකාවේ පර් යේෂකයකු වන වී.ඒ.එම්.පී.කේ.සමරවික්‍රම මහතා ප්‍රමුඛ ඉන්දියානු පර්යේෂණ කණ්ඩායම විසින් සිදුකරනු ලැබ ඇත. මෙම Boiga ranawanei විශේෂය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සත්ව විද්‍යා අංශයේ මහාචාර් ය කිත්සිරි රණවණ මහතාට ගෞරවයක් වශයෙන් නාමකරණය කර ඇත.
ඉදිරියේදී මෙම මාපිල් විශේෂයේ පොදු සිංහල නාමය "රණවණගේ රන් මාපිලා" යනුවෙන් භාවිත කෙරෙනු ඇත.
Reply To:
Name - Reply Comment
0 Comments