චීනයේ යෝධ පැන්ඩා යළිත් ඇමරිකාවට
- 2024-06-28 13:47:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඇමරිකාව සහ ඔස්ට්‍රියාව සමග පවත්වන යෝධ පැන්ඩා සංරක්ෂණ සහයෝගිතා ගිවිසුම් යළි ක්‍රියාවට නැංවීමට චීනය පියවර ගනී.
ඔස්ට්‍රියාවේ Tiergarten Schönbrunn සත්වෝද්‍යානය සමග යෝධ පැන්ඩා සංරක්ෂණ සහයෝගිතා පිළිබඳ නව ගිවිසුමක් අත්සන් කර ඇති බව චීන වනජීවී සංරක්ෂණ සංගමය නිවේදනය කර ඇත. එසේම, "Yunchuan" සහ "Xinbao" නමැති යෝධ පැන්ඩාවුන් දෙදෙනෙකු ඇමරිකාවේ San Diego සත්වෝද්‍යානය වෙත පිටත් කිරීමත් සමග චීන-ඇමරිකානු යෝධ පැන්ඩා සංරක්ෂණ සහයෝගිතා යළි ආරම්භ වී ඇති බව ද එම සංගමය කියාසිටී.
වසර 20 කට අධික කාලයක් තිස්සේ චීනය අදාළ සත්වෝද්‍යාන සමග යෝධ පැන්ඩා සංරක්ෂණ සහයෝගිතා පවත්වා තිබේ. චීන -ඔස්ට්‍රියානු හා චීන -ඇමරිකානු යෝධ පැන්ඩා සංරක්ෂණ සහයෝගිතා ඔස්සේ එම සතුන්ගේ පැවැත්ම තවදුරටත් තහවුරු වනු ඇත. එය ගෝලීය ජෛව විවිධත්වය සුරක්ෂිත කිරීමට මෙන්ම චීන ජනතාවගේ ජාත්‍යන්තර මිත්‍රත්වය ශක්තිමත් කිරීමට ද දායක වන බව චීන බලධාරීන් පෙන්වා දී තිබේ.
චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා මාඕ නිං මහත්මිය මේ කරුණු අනාවරණය කළේ විදේශ අමාත්‍යාංශයේ ඊයේ (27) පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි.
අරෝෂා සමරදිවාකර (චිනයේ සිට)
Reply To:
Name - Reply Comment
0 Comments