Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857
LATEST NEWS

චීනයේ චුජිං ගුරු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සමන්ත කරුණාරත්න සහ යුන්නාන් විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ කථිකාචාර්ය සුගත් රත්නායකයන මහත්වරුන් යුන්නාන් මිත්‍රත්ව සම්මානයෙන් පිදුම් ලැබ තිබේ.

මෙම සම්මානයෙන් ශ්‍රී ලාංකිකයෙකු පිදුම් ලැබූ පළමු අවස්ථාව මෙය වන අතර මෙවර ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු යුන්නාන් මිත්‍රත්ව සම්මානය හිමිකර ගැනීම විශේෂත්වයකි .

මෙය යුන්නාන් පළාත් රජය විසින් යුන්නාන් පළාතේසංවර්ධනයට අනගිභවනීය දායකත්වයක් ලබාදුන් විදේශීය විශේෂඥයින් ඇගයීමේ සම්මානයකි.

විද්‍යා හා තාක්ෂණ, අධ්‍යාපනය, සෞඛ්‍ය, ප්‍රවෘත්ති, ප්‍රකාශන, සංස්කෘතිය, කලාව සහ ක්‍රීඩා යන ක්ෂේත්‍රවල උසස් සංකල්ප, උසස් තාක්ෂණයන් සහ නවතම ජයග්‍රහණ හඳුන්වා දීම සඳහා කැපී පෙනෙන දායකත්වයක් ලබා දුන් විදේශ විශේෂඥයින් මෙහිදී ඇගයීමට ලක් කෙරේ.

 

යුන්නාන් මිත්‍රත්ව සම්මානයේ ජයග්‍රාහකයින් සඳහා පදක්කම්, සහතික සහ එක් වරක් පමණක් පිරිනැමෙන ප්‍රසාද දීමනාවක් ප්‍රදානය කෙරෙන අතර මෙම ශ්‍රී ලාංකිකයින් දෙදෙනා සමග තවත් විදේශීය විශේෂඥයින් 8 දෙනෙකුට මෙම සම්මානය පිරිනමා  ඇත.

මහාචාර්ය සමන්ත කරුණාරත්න මහතා චීනයේ Qujing Normal විශ්ව විද්‍යාලයේ සේවය කරන අතර මීට පෙර ඔහු චීන විද්‍යා ඇකඩමියේ කුන්මින් උද්භිද විද්‍යා ආයතනයේ පශ්චාත් ආචාර්ය උපාධි පර්යේෂකයෙකු විය. ඔහු මේ දක්වා H-index44 සහ උපුටා දැක්වීම් 12,750 කින්යුත් SCI ප්‍රකාශන 250 ක් පමණ ප්‍රකාශයට පත්කර ඇති අතර පොත් හතරක සම-කර්තෘ ලෙස කටයුතුකරඇත. Stanford විශ්ව විද්‍යාලයේ ශ්‍රේණි ගතකිරීම්වලට අනුව, මහාචාර්ය කරුණාරත්න 2022, 2023 සහ 2024 වසර වලදී ලොව ඉහළම 2% විද්‍යාඥයන් අතරින් කෙනෙකු ලෙස පිළිගැනිණි. ඔහුගේ පර්යේෂණ ක්ෂේත්‍රවන්නේ taxonomy, phylogeny, සහdomestication of mushrooms යනක්ෂේත්‍රයි.

සුගත් රත්නායක මහතා යුන්නාන් විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ ආරම්භක විදේශීය කථිකාචාර්යවරයා වන අතර ඔහු ඊට පෙර බෙයිජිංහි චීන ජාත්‍යන්තර ගුවන් විදුලියේ සිංහල සේවයේ විදේශීය විශේෂඥයෙකු ලෙස කටයුතු කළේය. ඔහු යුන්නාන් විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශය පිහිටුවීම සහ එහි සංවර්ධනය උදෙසා විශිෂ්ට සේවාවක් ඉටු කළ අයෙකි. සිංහල පොත් 1000ක පරිත්‍යාගයකින්  “ශ්‍රී ලංකා- චීන මිත්‍රත්ව පුස්තකාලය”  පිහිටුවීමට මුලිකත්වය ගැනීම ඒ අතර ප්‍රධාන වේ.

1997දී පිහිටුවන ලද මෙම සම්මානය, "Caiyun සම්මානය" ලෙස ද හැඳින්වෙන අතර චීනයේ යුන්නාන් පළාත සඳහා විශිෂ්ට දායකත්වයක් ලබා දුන් විදේශීය විශේෂඥයින් සඳහා පළාත් රජය පිරිනමනු ලබන ඉහළම සම්මානය මෙයයි.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.