ජපන් වෙරළට අබිරහස් වස්තුවක් ඇවිල්ලා
- 2023-02-23 15:09:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මීටර් 1.5 ක විෂ්කම්භයක් ඇති අබිරහස් ගෝලාකාර වස්තුවක්, ජපානයේ හමාමාට්සු නගරයට අයත් මුහුදු වෙරළට ගොඩගසා තිබේ. එම වස්තුව කුමක්දැයි මෙතෙක් අනාවරණය වී නැත.
ගෝලාකාර වස්තුව, පළමුවෙන්ම දකින්න ලැබුණේ උදෑසන වෙරළට ආ නගර වැසියන් කිහිප දෙනකුටය. ඔවුන් ඒ බව නගර බලධාරීන්ට සහ පොලිසියට දැනුම් දුන්නේය.
පොලිසිය සහ හමුදා පැමිණ මුහුදු වෙරළ ජනතාවට තහනම් කලාපයක් කළේය. ඒ, ගෝලාකාර වස්තුව, දෙවැනි ලෝක යුද සමයේ භාවිතයට යොදා ගත් මුහුදේ රැඳවූ පුපුරා නොගිය බෝම්බයක් යැයි ද සැක කළ බැවිනි. බෝම්බ නිෂ්ක්‍රීය කණ්ඩායමක් ද එය පරීක්ෂා කිරීමට පැමිණියේය.
එක්ස් කිරණ පරීක්ෂණයකින් අනාවරණය වූයේ ගා්ලාකාර වස්තුව තුළ කිසිවක් නොමැති බවය. ගෝලාකාර වස්තුවේ ‘හැඩල’ දෙකක් ඇතැයි ද පැවැසෙයි. එයින් අදහස් වන්නේ එය කිසියම් දෙයකට සම්බන්ධ කළ හැකි බව පොලිසිය පසුව පැවැසුවේය.
Reply To:
Name - Reply Comment
0 Comments