Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857
LATEST NEWS

මේ පිළිබඳ විශේෂ ලිපිය 2024/09/24 විජය ළමා පුවත්පත කියවන්න

1996 දී, ඇමෙරිකා තාරකා විද්‍යාඥ ජොසප් මොන්ටානී, ඇරිසෝනා ජනපදයේ, ටුක්සන් නගරයේ ඉදි කර ඇති, තාරකා දුරේක්ෂය ආධාරයෙන්, පෘථිවියට ආසන්නයෙන් පිහිටන ග්‍රහකයක් සොයා ගත්තේය. මෙම ග්‍රහකය ‘ඩිඩිමෝස්’ ලෙස නම් කර ඇත. ග්‍රීක බසින් ‘ඩිඩිමෝස්’ යනු ‘ද්විත්ව’ යන්නය. එසේත් නැතිනම්  ‘දෙදෙනා’ යන අර්ථයයි. පසුකාලීනව, ‘ඩිඩිමෝස්’ සම්බන්ධයෙන්, තාරකා විද්‍යාඥයෝ තොරතුරු රැසක් අනාවරණය කර ගත්හ. ඒ අනුව, ‘ඩිඩිමෝස්’ තනි ග්‍රහකයක් නොවන බව පෙනී ගියේය. ‘ඩිඩිමෝස්’ සමඟ තවත් කුඩා ග්‍රහකයක් ගමන් කරයි. මෙම කුඩා ග්‍රහකය ගමන් කරන්නේ ‘ඩිඩිමෝස්’ගේ කක්ෂයේය. ඒ අනුව, ‘ඩිඩිමෝස්’  ද්විත්ව ග්‍රහක පද්ධතියකට අයත් ග්‍රහකයකි. ඩිඩිමොස්’ සමඟ කක්ෂගත වන කුඩා ග්‍රහකය, විද්‍යාඥයන් නම් කර ඇත්තේ, ‘ඩයිමොපෝස්’ යන නමිනි.

ග්‍රහක සහ උල්කා

ඇමෙරිකාවේ නාසා ආයතනය, ‘ඩාට්’ නමින් නම් කළ ඔවුන්ගේ අභ්‍යවකාශ මෙහෙයුම ක්‍රියාත්මක කළේ මෙම ‘ඩයිමොපෝස්’ නමැති කුඩා ග්‍රහකය ඉලක්ක කර ගනිමිනි. ඒ, ඉලක්කය සාර්ථක විය. 2022 සැප්තැම්බර් 26 වැනිදා ‘ඩාට්’ මෙහෙයුමේ අවසානය සනිටුහන් විය. ‘ඩාට්’ DART යනු ‘ඩබල් ඇස්ට්‍රොයිඩ් රී ඩිරෙක්ෂන්’ Double Astroid Redirection Text ය. සරලව පැහැදිලි කළොත් ‘ඩාට්’ DART යනු ‘ග්‍රහකයක ගමන් මඟ වෙනස් කිරීමේ මෙහෙයුම’ ය. කිලෝ මීටර් සිය දහස් ගණනක් පළල ග්‍රහක පෘථිවිය අසලින් යයි. ප්‍රමාණයන් ඉතා අඩු මීටර් කීපයක් තරම් ග්‍රහකවල කුඩා කොටස් පෘථිවි වායුගෝලයට ඇතුළු වී වායු ගෝලයේදීම දැවී අවසන් වෙයි. ග්‍රහකවලින් පෘථිවියට පැමිණෙන මෙවැනි කුඩා පාෂාණ කොටස් හැඳින්වෙන්නේ උල්කා යනුවෙනි. උල්කාපාත යනු එම උල්කා පෘථිවියට පතිත වීමට පෘථිවි වායු ගෝලයට පිවිසීමය. ප්‍රමාණයෙන් කුඩා බැවින්, පෘථිවියට පතිත වීමක් නැතිව ඒවා දැවී විනාශ වෙයි.

මඟ වෙනස් කිරීම

මීටර් සියයකට වැඩි හෝ කිලෝ මීටර් ගණනක් හෝ පළල ග්‍රහක පොළොවට කඩා වැටුණොත් සිදුවන්නේ මහා විනාශයක් බව අමුතුවෙන් කිව යුතු වන්නේ නැත. මීට අවුරුදු මිලියන 65 කට පෙර, ඩයිනසෝරයන්ට මරු කැඳවූයේ ද පෘථිවියට කඩා වැටුණු යෝධ ග්‍රහකයකි. අනාගතයේ පෘථිවියේ හැපීමට ඉඩ ඇති දැවැන්ත ග්‍රහක රැසක් තාරකා විද්‍යාඥයන් විසින් මේ වනවිට හඳුනාගනු ලැබ ඇත. එසේ පෘථිවියේ හැපීමට යෝධ ග්‍රහකයක් පැමිණෙන්නේ නම්, එම ග්‍රහකයේ ගමන් මඟ වෙනස් කරමින්, එයින් බේරීමට නාසා විද්‍යාඥයන් සැලැසුම් කරයි. අත්හදා බැලීම ලෙස ‘ඩාට්’ DART - Double Astroid Redirection Text මෙහෙයුම ක්‍රියාවට නැංවූයේ ඒ අනුවය. ‘ඩාට්’ DART මෙහෙයුම හිතුවාටත් වඩා සාර්ථක විය.

ඝට්ටනය

විද්‍යාඥයන්ට අවශ්‍ය වූයේ, අත්හදා බැලීමක් ලෙස, රොබෝ යානයක්, ‘ඩයිමොපෝස්’ නමැති ඒ කුඩා ග්‍රහකයට යවා, එම රොබෝ යානය ග්‍රහකයේ හැපීමට සැලස්වා, ග්‍රහකයේ ගමන් මඟ වෙනස් කිරීමටය. ‘ඩාට්’ DART මෙහෙයුමට, ‘ඩයිමොපෝස්’ ග්‍රහකය තෝරා ගැනීමට ඒක හේතුවක් වූයේ එය අනෙක් ග්‍රහකවලට වඩා පෘථිවියට ආසන්න කක්ෂයක ගමන් කිරීමය. ඒ අනුව, 2022 සැප්තැම්බර් 26 වැනිදා, ‘ඩාට්’ DART යානය තත්පරයට කිලෝ මීටර් 6.6 ක වේගයකින් ‘ඩයිමොපෝස්’ ග්‍රහකයේ ඝට්ටනය විය. සරලව කීවොත් ග්‍රහකයේ හැපුණේය. මේ සටහන සමඟ ඇති කියු ආර් කේතය QR CODE ස්කෑන් කළොත්, ‘ඩාට්’ DART යානය, තරමක් විශාල ‘ඩිඩිමෝස්’ ග්‍රහකය පසු කර ගොස් ඊට තරමක් කුඩා ‘ඩයිමොපෝස්’ ග්‍රහකයේ හැපී විනාශ වී යනු නැරැඹිය හැකිය. අභ්‍යවකාශයේ ඇදී යන යානය කෙමෙන් කෙමන් ග්‍රහකයට ළංවී එය ග්‍රහකයේ හැපී විනාශ වී යන ආකාරය සටහන් වූයේ ‘ඩාට්’ යානයේ රොබෝ කැමරාවේය. 2022 සැප්තැම්බර් 26 වැනිදා එම කැමරාවෙන් ලබා ගත් දසුන්, නාසා ආයතනයේ විද්‍යාඥයන්ට ලැබුණේ සජීවීවය. ඒ වනවිට ‘ඩයිමොපෝස්’ ග්‍රහකය වූයේ පෘථිවියේ සිට කිලෝ මීටර් මිලියන 11 ක් දුරින්ය.

සුන්බුන්

මිනිසා විසින් නිර්මාණය කළ යානයක්, හිතාමතා අභ්‍යවකාශ වස්තුවක් සමඟ ඝට්ටනය වීමට සැලැස්වීම සිදුවූයේ පළමු වරටය. එහෙයින් මෙම මෙහෙයුම ඉතා වැදගත් එකකි. ‘ඩාට්’ යානය ඝට්ටනය වී, ‘ඩයිමොපෝස්’ ග්‍රහකයේ කක්ෂය සැලකිය යුතු ආකාරයට වෙනස් විය. ‘ඩාට්’ යානය, ‘ඩයිමොපෝස්’ ග්‍රහකයේ හැපෙද්දී, ග්‍රහකයේ දූවිලි අංශු සහ කුඩා පාෂාණ කැබැලි ආදී සුන්බුන් කොටස් අභ්‍යවකාශයට විසිරී ගියේය. අබ්‍යවකාශයට විසිවුණු මෙම සුන්බුන් සම්බන්ධයෙන් නවතම තොරතුරු මේ වනවිට නාසා විද්‍යාඥයන්ට ලැබී තිබේ. නාසා විද්‍යාඥයන්ට අනුව, එම සුන්බුන් ‘ඩයිමොපෝස්’ ග්‍රහකය ගමන් කරන ගමන් මාර්ගයේ පවතී.

උල්කා වැස්ස

‘ඩයිමොපෝස්’ ග්‍රහකය අයත් ද්විත්ව ග්‍රහක පද්ධතියේ කක්ෂය වැටී ඇත්තේ පෘථිවිය දෙසට වන්නට බැවින්, ‘ඩාට්’ යානය ඝට්ටනය වී, අභ්‍යවකාශයට නිකුත් වුණු ‘ඩයිමොපෝස්’ ග්‍රහකයේ සුන්බුන් පෘථිවිය දෙසට පැමිණීමට ඉඩ තිබේ. ඒත් එය බියවිය යුතු කාරණාවක් නම් නොවෙයි. ‘ඩිඩිමෝස්’ සහ ‘ඩයිමොපෝස්’ පෘථිවයට සමීප වෙද්දී, ‘ඩයිමොපෝස්’ ග්‍රහකයෙන් නිකුත් වුණු පාෂණ කොටස් දූවිලි අංශු ආදී සුන්බුන්, පෘථිවි වායු ගෝලයට ඇතුළු වනු ඇත. ඒ, උල්කා වර්ෂාවක් ලෙසය. අනාගතයේ දිනෙක, හරියටම කීවොත් තවත් වසර 7 කින් පමණ, එම පාෂාණ කැබලි එසේත් නැතිනම් උල්කා පෘථිවි වායු ගෝලයේ දී දැවී විනාශ වී යන අයුරු අපට දකින්න ලැබේවි. වාර්ෂිකව පෘථිවියට දකින්න ලැබෙන උල්කා වර්ෂා අතරට අලුතින්ම එක් වන උල්කා වර්ෂාව වනු ඇත්තේ මෙයයි. මෙය සැබැවින්ම ඓතිහාසික සිදුවීමකි. හේතුව, මෙම උල්කා වර්ෂාව මිනිසා විසින් නිර්මාණය කරනු ලැබූවක් වන බැවිනි. එය සැබැවින්ම විශ්මය දනවන්නකි. විද්‍යාඥයන් මෙම උල්කා වර්ෂාව ‘ඩයිමොපෝස්’ උල්කා වර්ෂාව ලෙස නම් කරනු ඇත. කෙසේ නමුත් අනෙක් උල්කා වර්ෂාවලදී දකින්න ලැබෙනවා මෙන්, මෙම උල්කා වර්ෂාවේදී ද පැයට උල්කා 100 ක් හෝ 150 ක් හෝ දකින්න ලැබෙන්නේ නැතැයි ද නාසා විද්‍යාඥයෝ පැහැදිලි කරති. පෘථිවියට පමණක් නොවෙයි, අඟහරු ග්‍රහයා මතට ද මෙම උල්කා වර්ෂාව පතිත වෙනු ඇත.

https://youtu.be/hKBjaXX5hZQ

ලුසිත ජයමාන්න

ස්තුතිය - නාසා ආයතන

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.