දඹුල්ල කළුදිය පොකුණේ භාරකාරත්වය මහනුවර උසස් බාලිකාවට
- 2020-09-18 15:23:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2020 පුරාවිද්‍යා සතියට සමගාමී ව පාසල් දරුවන් රටේ ජාතික උරුමය ආරක්ෂා කර ගැනීමේ කොටස්කරුවන් කිරීමේ අභිලාෂය පෙරදැරි ව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා ඇත.
විදුහලේ ශිෂ්‍යාවන්ගේ පර්යේෂණ හා විෂයානුබද්ධ කටයුතුවලට යොදා ගත හැකි වන පරිදි ක්ෂේත්‍රයේ සුළු නඩත්තු සිදු කරමින්, ශ්‍රමදාන මෙහෙයවීමට මෙමගින් ශිෂ්‍යාවන්ට අවස්ථාව උදාවේ.
මහනුවර උසස් බාලිකා විදුහල්පතිනි එම්. අබේගුණසේකර මහත්මියගේ උපදෙස් මත විදුහලේ ඉතිහාස විෂය අධ්‍යයන අංශයේ සිසිර වික්‍රමසිංහ මහතා මෙම වැඩසටහනේ විදුහල් සම්බන්ධීකාරක ලෙස ද, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ චංචල දේපළ අධ්‍යක්ෂ විරාජ් එන් බාලසූරිය මහතා දෙපාර්තමේන්තු සම්බන්ධීකාරක ලෙස ද කටයුතු කරති. එහි සමාරම්භය පසු ගිය දා විරාජ් එන් බාලසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් උසස් බාලිකා විදුහල් ශ්‍රවණාගාරයේ දී සිදු වුණු අතර එහි විශේෂ අවස්ථා කිහිපයක් මෙහි දැක්වේ.
( ඇන්ටන් විජේරත්න විසිනි )
Reply To:
Name - Reply Comment
0 Comments