Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857
LATEST NEWS

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි වර්තමාන ගොඩනැගිල්ලේ ස්ථාපිත කොට පසුගියදා (29දා) වසර 40 ක් සම්පුර්ණ කළේය.

ගාලු මුවදොර පිහිටි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ඉඩකඩ ප්‍රමාණවත් නොවීම නිසා 70 දශකය අගභාගය වන විට එය වෙනත් ගොඩනැගිල්ලකට ගෙනයාමේ අවශ්‍යතාවය මතු විය.

ඒ අනුව ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ නව පාර්ලිමේන්තු ගොනැගිල්ලක් ඉදිකිරීමට යෝජනා විය. 1979 වර්ෂයේදී ශ්‍රි ජයවර්ධනපුර, කෝට්ටේ ප්‍රදේශයේ දියවන්නා ඔයේ පිහිටි අක්කර 16 කුඩා දූපතක අභිනව පාර්ලිමේන්තුව ඉදිකිරීම ආරම්භ විය.

එවකට ජනාධිපතිවරයා වූ ජේ. ආර්. ජයවර්ධන මහතාගේ මගපෙන්වීම යටතේ එවකට අග්‍රාමාත්‍යවරයා වූ ආර්. ප්‍රේමදාස මහතා විසින් මෙම ගොඩනැගිල්ල ඉදිකිරීමේ කටයුතු මෙහෙයවනු ලැබීය.

ලෝකප්‍රකට ජෙෆ්රි බාවා මහතා ප්‍රධාන ගෘහනිර්මාණ ශිල්පියා ලෙස තෝරාගන්නා ලද අතර ජපන් සමාගමකට මෙම නව ගොඩනැගිල්ල ඉදිකිරීමේ කටයුතු පවරා තිබුණි.

ශ්‍රී ලාංකේය සම්ප්‍රදායන් මුල්කරගෙන නිර්මාණය කොට ඇති පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ සියලු ගෘහනිර්මාණ කටයුතු සඳහා දේශීයත්වයට ප්‍රමුඛතාව ලබා දී තිබේ. මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු 1982 වර්ෂයේදී අවසන් වූ අතර 1982 අප්‍රේල් 29 වැනි දින ශ්‍රි ජයවර්ධනපුර, කෝට්ටේ පිහිටි අභිනව පාර්ලිමේන්තුව උත්සවාකාරයෙන් විවෘත කෙරිණි.

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.