නව අං කටුසු විශේෂයක් කෑගල්ලෙන් හමුවේ
- 2020-10-06 13:55:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
වසර 22 කට පසු ශ්‍රී ලංකාවට ආවේණික නව අං කටුසු විශේෂයක් කෑගල්ල සල්ගල වනාන්තරය ආශ්‍රිතව සොයා ගැනීමට මෙරට ජීව විද්‍යාඥ සමීර සුරංජන් කරුණාරත්න මහතා ප්‍රමඛ පර්යේෂණ කණ්ඩායමක් සමත්ව ඇත.
මෙම සොයාගැනීමත් සමගම ලංකාවට ආවේණික අංකටුසු විශේෂ ගණන 6 දක්වා ඉහළ යයි.
මෙරටට ආවේණීක කටුසු ඝනයක් වන Ceratophora හි විශේෂ 05 ක් මීට පෙර හදුනාගෙන තිබුණු අතර මෙම නව විශේෂය eratophora Ukuwelai හෙවත් උකුවෙලගේ රලු කටුස්සා ලෙස නම් කර තිබේ.
පර්යේෂකයන් කණ්ඩායම මෙම අංකටුසු විශේෂය එනමින් හැඳින්වීමට තීරණය කර ඇත්තේ රජරට විශ්ව විද්‍යාලයේ පරිනාමික ජීව විද්‍යාඥ හා උරග හා උභයජීවී විද්‍යාඥ ආචාර්ය කණිෂ්ක උකුවෙල මහතා මෙරට සත්ව සංරක්ෂණය හා සත්ව අධ්‍යයනයට ඉටුකර ඇති මෙහෙවර අගයමින්ය.
සුරංජන් කරුණාරත්න, නිකොලොයි පොයාර්කෝවි, චාමර අමරසිංහ, තිළිණ සුරසිංහ, ඇන්ඩ්‍රි භ්‍රේශවි, මජින්ත මඩවල, විලාඩි ගොරින් හා ඇන්සම් ද සිල්වා යන දෙස් විදේස් පර්යේෂකයින් කණ්ඩායම එක්වය.
Reply To:
Name - Reply Comment
0 Comments