නාය යෑමේ අවදානමසහිත ප්‍රදේශ තුළ පවුල් 11,101ක්
- 2021-01-06 12:29:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
නාය යෑමේ අධි අවදානම් ප්‍රදේශවලතවදුරටත්පවුල්11,101ක් ජීවත් වන බව අනාවරණය වී තිබේ.
නායයාමේ අධි අවදානම් සහිත ප්‍රදේශ තුළ ජීවත් වන පවුල් 15,801ක් හඳුනාගැනීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයට හැකියාව ලැබී ඇත.
එලෙස හඳුනාගත් පවුල් ආරක්ෂාකාරීප්‍රදේශවල නැවත පදිංචි කිරීමට රජය විසින් වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති අතර, ඒ අනුව පවුල් 4,700ක් මේ වන විටත් ආරක්ෂිත ප්‍රදේශවල පදිංචි කර ඇත.
තවත් පවුල් 10,000ක් ආරක්ෂිත ප්‍රදේශවල පදිංචි කිරීම සදහා රජය සැලසුම් කර ඇති බව වාර්තා වේ. ඒ අනුව මෙම වර්ෂයේදී නිවාස 500ක් සහ අවශ්‍ය යටිතල පහසුකම් ඉදිකිරීමට රුපියල් මිලියන 1,200ක පමණ අයවැය ප්‍රතිපාදන වෙන් කිරීමට වාරිමාර්ග අමාත්‍යාංශය විසින් යෝජනා ඉදිරිපත් කර ඇති බව ද වාර්තා විය.
ව්‍යාපෘතියේ පළමු අදියර ලෙස ආපදාවලට ඔරොත්තු දෙන නිවාස 2,000ක් කඩිනමින් ඉදිකිරීමටත්, නිවාස 8,000ක් දෙවැනි අදියර යටතේ ඉදිකිරීමටත් යෝජිතය.මෙහි පළමු අදියරේ නිවාස 2,000 ඉදිකිරීමට සුදුසු ඉඩම් කොටස් කළුතර, බදුල්ල, රත්නපුර, නුවරඑළිය සහ මොණරාගල දිස්ත්‍රික්කවලින් මේ වන විටත් හදුනාගෙන තිබේ.(WMDJBM)
Reply To:
Name - Reply Comment
0 Comments