Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857
LATEST NEWS

යුද්ධ හමුදා 75 වන සංවත්සර දිනය සමගාමිව පැල 75000 ක් රෝපණය කිරිමේ වැඩසටහනක් යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් අධ්යක්ෂ මණ්ඩලයේ මුලිකත්වයෙන් ආරම්භ කරන ලද අතර, යුධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගේ සුරතින් යුධ හමුදා මුලස්ථාන පරිශ්රයේ 'රත් හදුන්' පැලයක් රෝපණය කරමින් ආරම්භ කරන ලදී.
ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා කෘෂිකර්ම ව්‍යාපෘති භුමියෙහි පැළ රෝපණය කිරීමද මෙය සමගාමීව සිදුකල අතර මේ සදහා රුක් රෝපණ ව්‍යාපෘතියේ සම්පත් දායකත්වය දැක්වු වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සමාජ වන විද්‍යා හා වන ව්‍යාපෘති නිලධාරි ෆාතිමා අළුවිහාරේ, මධ්‍යම පරිසර අධිකාරියේ පාරිසරික ප්‍රවර්ධන අධ්‍යක්ෂ ශ්‍රීයාමිණ පෙරියප්පෙරුම, පරිසර ක්රියාකාරිනි නෙත්මි හිරන්‍යා කොළඹවිතානගේ හා හමුදා නිලධාරින් රසකගේ සහභාගිත්වයෙන් සිදුකරන ලදී.
සියලුම යුද්ධ හමුදා ආරක්ෂක සේනා ආවරණය වන පරිදි ආරක්ෂක සේනා,බලසේනා මුලස්ථානයන් හා ඒකක ආවරණය වන පරිදි පැල 37,365 ක් සිටුවිම සිදුකල අතර, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය හා විවිධ පරිසර ක්‍රියාකාරින් විසින් ඒ සදහා සම්පත් දායකත්වය ලබාදෙන ලදී. තවද රාජ්‍ය දැව සංස්ථාවේ සම්පත් දායකත්වයෙන් ලබාදෙන ලද පැල 2500 ක් ගාල්ල, කරන්දෙණිය, වැලිකන්ද, කන්දකාඩු, ඉරණමඩු, මුලතිව් හා වව්නියාව ප්‍රෙද්ශයන්හි පාසල් 25 කට අධික ප්රමාණයක සිසු දරු දැරියන්ගේ සහභාගිත්වයෙන් රෝපණය ලදී.
කුරුදු පැල 15000 ක ප්රමාණයක් යුද්ධ හමුදා ගොවිපොල කොහිලවගුරවත්ත කඳවුරු භූමියේද, ටීඊජෙසී (TEJC) අඹ පැල 1500 ක ප්රමාණයක් ද ඉරණමඩු හා ආඩියාපුලියන්කුලම යුද්ධ හමුදා ගොවිපොලයන්හී රෝපණය කරන ලද අතර මෙයට අමතරව යුද්ධ හමුදා ගොවිපොලයන් හි පැල 15000 ක් රෝපණය කිරිමද ටිජේ ලංකා පුද්ගලික ආයතනය අනුග්රහක දායකත්වයෙන් සිදුකරන ලදී.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.