ලංකාවේ සිටින ඉතිරි තායි අලි දෙදෙනාත් තායිලන්තය ගෙන්වා ගනියිද?
- 2023-07-04 07:21:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
තායිලන්තය විසින් පරිත්‍යාග කරන ලදුව ශ්‍රී ලංකාවේ සත්වෝද්‍යානයක ජීවත් වන ඉතිරි තායිලන්ත අලි දෙදෙනා ගැන තායිලන්ත ජනතාව සැලකිලිමත් වන්නේ නම් ඔවුන්ද ආපසු ගෙන්වා ගැනීමට තම අමාත්‍යාංශය විදේශ අමාත්‍යාංශය සමඟ කටයුතු කරන බව තායිලන්ත පරිසර අමාත්‍ය වරාවුත් සිල්පා ආර්චා මහතා පැවැසීය.
ශ්‍රී ලංකාවේ නොසැලකිලිමත්කම නිසා නැවතත් තායිලන්තය වෙත ගෙන්වා ගත් මුතුරාජා හස්තියා මේ වන එරට තුළ වෛද්‍ය ප්‍රතිකාර ලබන අතර මුතු රාජා මුලින්ම මාසයක පමණ කාලයක් එරට නිරෝධායනය කරනු ලබයි.
එම කාලය තුළ ඔහුගේ රුධිරය නිරන්තරයෙන් පරීක්ෂා කර ඔහුගේ තත්ත්වය සමීපව නිරීක්ෂණය කරනු ඇති බව පරිසර අමාත්‍යවරයා පැවැසිය.
මාසයක නිරෝධායනයෙන් පසු, මහජනතාවට මුතු රාජා බැලීමට බැලීමට ඉඩ දෙන්නේ කෙසේද යන්න පිළිබඳව නිලධාරීන් සාකච්ඡා කරන බවත් අලි මධ්‍යස්ථානයේචී ඔහුව දැකීමට මහජනතාවට නියත වශයෙන්ම ඉඩ දෙන බවත් අමාත්‍යවරයා පැවැසිය.
මුතුරාජාට මූලික ප්‍රතිකාර ලබා දීමෙන් අනතුරුව සුවය ලැබීමට සති දෙකක පමණ කාලයක් ගතවනු ඇති නමුත් පශු වෛද්‍යවරුන් විසින් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය තවදුරටත් නිරීක්ෂණය කරන බව අමාත්‍යවරයා පැවසීය.
අනාගතයේදී තායිලන්තය වෙනත් කිසිදු රටකට ත්‍යාග ලෙස අලි ඇතුන් ලබා නොදෙන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.
Reply To:
Name - Reply Comment
0 Comments