Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857
LATEST NEWS

කෘෂිකර්ම අමාත්‍යාංශය තුළ ක්‍රියාත්මක වන අපනයනය ඉළක්ක කර ගත් විදේශ ව්‍යාපෘතියක් වන කෘෂිකර්ම අංශ  නවීකරණ ව්‍යාපෘතිය මගින් ආරම්භ කර තිබෙන මඩකලපුව වාකරේ කොළ පිපිඤ්ඤා වගාව මේ වනවිට රටට අවශ්‍ය ඩොලර් උපයන ව්‍යාපෘතියක් බවට පත්ව තිබේ.

මඩකලපුව වාකරේ ප්‍රදේශයේ ගොවීන් 500ක් විසින් අක්කර 500ක කොළ පිපිඤ්ඤා වගාව සිදු කරන අතර එම අස්වැන්න අගය එකතු කළ නිෂ්පාදනයක් වශයෙන් ජපානය ඇතුළු රටවල් ගණනාවකට අපනයනය කරනු ලබයි.

වාකරේ කොළ පිපිඤ්ඤා වගාව නිරීක්ෂණය කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පසුගියදා (05) වාකරේ පිහිටි කොල පිපිඤ්ඤා සැකසුම් මධ්‍යස්ථානය හා වගාවන් සිදු කරන ආකාරය පිළිබඳව සොයා බැලීය.

වාකරේ කොළ පිපිඤ්ඤා වගාව මගින් අගය එකතු කළ නිෂ්පාදනයන් වශයෙන් සකස් කර විදේශ වෙළෙඳපොලට ඉදිරිපත් කරනු ලබයි. මේ වනවිට ජපානය ඇතුළු රටවල් කිහිපයක මැක්ඩොනල්ඩ් සමාගමේ ආහාර නිෂ්පාදනයන් සඳහා යොදා ගනු ලබන්නේ ශ්‍රී ලංකාවේ කොළ පිපිඤ්ඤා වීම විශේෂත්වයකි.

පසුගිය වසර තුන තුළ කොළ පිපිඤ්ඤා ව්‍යාපෘතිය විසින් මෙරටට උපයා දී ඇති මුදල ඩොලර් මිලියන 33කි. 2022 වසරේ  ගත වූ මාස 10 තුළ ඩොලර් මිලියන 10.03ක් ඉපයීමට මෙම ව්‍යාපෘතියට හැකි වී තිබේ.

වාකරේ  ගොවීන් වගා කරන කොළ පිපිඤ්ඤා හේලිස් සමාගම විසින් මිල දී ගනු ලබන අතර ඒවා  නව තාක්ෂණය යොදා ගනිමින් අගය එකතු කළ නිෂ්පාදන වශයෙන් සකස් කර වෙළෙදපොලට යවනු ලබයි.

මෙහිදී අදහස් පළ කළ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අපනයනය ඉළක්ක කර ගනිමින් වගා කළ හැකි ගොවි පරපුරක් බිහි කිරීම වත්මන් රජයේ අරමුණ බව සඳහන් කළේය.

විශේෂයෙන් තරුණ පරපුර  කෘෂිකර්මාන්තයට ආකර්ශණය කර ගැනීමට නම් මෙරට කෘෂිකර්මාන්තය ආදායම් ඉපයිය හැකි  අංශයක් බවට පත් විය යුතුය. කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය මගින් අවශ්‍ය නව තාක්ෂණය, මුදල්, උපකරණ මෙන්ම නිෂ්පාදන අලෙවිය සඳහා අවශ්‍ය වෙළෙද පොළ ද ගොවීන් වෙත සපයා දීම මගින් ගොවීන් ඉහළ ආදායම් ලබන පිරිසක් බවට පත් කර තිබේ.

ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘති තවත් වසරකින් අවසන් වුවද, රජයේ මුදල් යෙදිම මගින් හෝ මෙම ව්‍යාපෘති ඉදිරියට පවත්වාගෙන යාමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍යවරයා වාකරේ කොළ පිපිඤ්ඤා සැකසුම් මධ්‍යස්ථානයේ කටයුතු ද නිරීක්ෂණය කළ අතර එහි නිෂ්පාදනය කළ අගය එකතු කළ නිෂ්පාදන වශයෙන් සකසන ලද සළාද පිපිඤ්ඤා  රස බැලීය.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.