විජය මෙහෙයවීමෙන් පාසල් දරුවන් තිදෙනකු රචිත කෘති තුනක් අධ්‍යාපන අමාත්‍යවරයාට
- 2023-01-24 12:41:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
විජය ළමා පුවත්පතේ මෙහෙයවීමෙන් පාසල් දරුවන් තිදෙනෙකු විසින් රචනා කරන ලද ගොඩගේ පොත් ප්‍රකාශන සමාගම විසින් ප්‍රකාශයට පත් කළ සාහිත්‍ය නිර්මාණ තුනක් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා වෙත පිළිගැන්වීම අධ්‍යාපන අමාත්‍යාංශයේදී සිදු කෙරිණි.
ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයේ 12 වෙනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවක වූ මෙත්මි පූර්ණිමා රත්නායක දියණිය විසින් නිර්මාණය කරන ලද “සිතට සැනසුමක්” නම් යොවුන් නවකතාවත් කුරුණෑගල විශ්වෝදා ජාතික පාසලේ අට වෙනි ශ්‍රේණියේ ඉගෙන ගන්නා දැහැමි නිමාෂා රත්නායක දියණිය විසින් නිර්මාණය කරන ලද “චුට්ටිට හරි හිනා” නම් වූ ළමා කතාවත් කටුගස්තොට සහිරා පිරිමි විද්‍යාලයේ 11 වෙනි ශ්‍රේණියේ ඉගෙන ගන්නා රුක්ෂාන් රාජතිලක පුතණුවන් විසින් ලියන ලද “රුක්ෂාන්ගේ දිනපොත” නම් සාහිත්‍යමය කෘතියත් මෙසේ අධ්‍යාපන අමාත්‍යතුමා වෙත පිළිගැන්විණි.
මෙම අවස්ථාවට විජය පුවත්පතේ ප්‍රධාන කර්තෘ දුමින්ද සංජීව බාලසූරිය, නියෝජ්‍ය කර්තෘ ඉන්දික සෙනෙවිරත්න හා ජ්‍යේෂ්ඨ අධ්‍යාපනඥ බන්දුල පී. දයාරත්න යන මහත්වරුන් ද, අධ්‍යාපන ලේකම් එන්. එම්. රණසිංහ මහතා ද, එම ළමා ලේඛක ලේඛිකාවන්ගේ දෙමාපියෝ ද සහභාගී වූහ.
Reply To:
Name - Reply Comment
0 Comments