සාපෙළ ඉහළින් සමත් 150ට මහත්මා ගාන්ධි ශිෂ්‍යත්ව
- 2021-02-12 16:27:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අධ්‍යාපන අමාත්‍යාංශයත්, ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයත් එක්ව වසරක් පාසා අඛණ්ඩව පවත්වාගෙන යනු ලබන ‘මහත්මාගාන්ධි ශිෂ්‍යත්ව වැඩසටහනේ’ 12 වැනි ශිෂ්‍යත්ව ප්‍රදාන උළෙල අධ්‍යාපන අමාත්‍යාංශයීය ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.
2006 වසරේ සිට ක්‍රියාත්මක වන මහත්මා ගාන්ධි ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මුල් අදියරේදී දීපව්‍යාප්ත මට්ටමින් තෝරාගත් උසස් පෙළ සිසුන් 100කට ශිෂ්‍යාධාර ලබාදුන් අතර මේ වනවිට සිසු සිසුවියන් 150 දෙනෙකු වෙත මසකට රු.2500/= බැගින් උසස් පෙළ හදාරනු ලබන වර්ෂ දෙකක අධ්‍යයන කාලය මුළුල්ලෙහි ශිෂ්‍යාධාර ලබාදීම සිදුකෙරේ. දිස්ත්‍රික් මට්ටමින් සාමාන්‍ය පෙළ විභාගයෙන් ඉහල ප්‍රවීණතාවය ලබා ඇති වාර්ෂික ආදායම රු.120,000/= ට අඩු ආදායමක් ලබන දෙමව්පියන්ගේ දරුවන් මෙම ශිෂ්‍යත්වය සඳහා තෝරාගැනේ.
ශ්‍රේෂ්ඨ නායකයෙක් සහ මානුෂවාදියකු ලෙස ලොව ප්‍රකට මහත්මා ගාන්ධිතුමාගේ ආදර්ශයන් ජීවිතවලට එකතු කරගැනීම ඔහුට කරන ලොකු ම ගෞරවය බව, මෙහි දී අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය.
අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතාගේ හා ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයට අධ්‍යාපන උපදේශක ගෝපාලන් නාරායනන්, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල සී.කේ.පෙරේරා, අතිරේක ලේකම් (පාසල් කටයුතු) එල්.එම්.ඩී.ධර්මසේන, අධ්‍යාපන අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් බුද්ධික වික්‍රමාදර මහතා ඇතුළු පිරිසක් ද සහභාගී වූහ.
Reply To:
Name - Reply Comment
0 Comments