සුරකිමු ගංගා වැඩසටහන තෙත්බිම් දිනයට සමගාමීව
- 2021-01-06 12:33:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකාවේ සියලු ගංගා ආවරණය කෙරෙන %සුරකිමු ගංගා^ වැඩසටහන පෙබරවාරි මස 02 වැනිදාට යෙදී ඇති %ලෝක තෙත්බිම් දිනය^ට සමගාමීව ක්‍රියාත්මක කිරීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ඒ අනුව මෙහි සම්බන්ධීකරණය හා මෙහෙයුම් කටයුතු සඳහා ලේකම් කාර්යාලයක් ස්ථාපිත කිරීමට නියමිත අතර, එය පරිසර අමාත්‍යාංශය තුළ ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇත.
ගංගා 103ක ගංගාධාර සංරක්ෂණය කිරීම උදෙසාක්‍රියාත්මක කිරීමට නියමිත මෙම වැඩසටහන සඳහා වූ අපේක්ෂිත සමස්ත පිරිවැය රුපියල් බිලියන 32කි.
ඒ අනුව වැඩසටහන සඳහා2021 වසරට අදාළව රුපියල් මිලියන 200ක මුදලක් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා තිබූ අතර,එම මුදල් ලබාදීමට අග්‍රාමාත්‍යවරයා මේවනවිට කටයුතු කර ඇති බව පරිසර අමාත්‍යාංශය පැවසීය.
අමාත්‍යාංශය සඳහන් කර සිටියේ සියලු ගංගා ආශ්‍රිතව සිදු කරන ලද විශේෂ විමර්ශනයකින් අනතුරුව සංරක්ෂණය කළ යුතු ස්ථානමේවනවිට හඳුනාගෙන ඇති බවයි.
%සුරකිමු ගංගා^ වැඩසටහනෙහි සමාරම්භක උත්සවය ජනාධිපතිවරයාගේ හෝ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට යෝජිතය.එසේම එහි මූලික අදියර කැලණි ගංගාධාරය අවට ක්‍රියාත්මක කිරීමට සුදුසු ස්ථානයක් හඳුනාගන්නා ලෙස පරිසර අමාත්‍යවරයා විසින් එම අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට උපදෙස් දී තිබේ.(WMDJBM)
Reply To:
Name - Reply Comment
0 Comments