Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857
LATEST NEWS

අඟහරු මතුපිට එහෙමෙහෙ යමින් ගවේෂණයේ යෙදෙන ඇමෙරිකා නාසා ආයතනයේ ‘කියුරියෝසිටි’ රොබෝ රෝවර් යානය පසුගිය දා එවූ එක් ඡායාරූපයක හැන්දක් වැනි වස්තුවක් දකින්න ලැබෙන බව බි‍්‍රතාන්‍යයේ ‘මේල් ඔන්ලයින්’ වෙබ් අඩවිය පෙන්වා දෙයි.
අඟහරු මතුපිට පස් අතරේ ඇති හැන්දක් වැනි මෙම වස්තුව කුමක්දැයි පැහැදිලි කිරීමට විද්‍යාඥයන් අපොහොසත් වී සිටින බව ද වාර්තා වේ. ‘කියුරියෝසිටි’ රොබෝ රෝවර් යානයේ අරමුණ අතීතයේ අඟහරු මතුපිට ජීවය තිබේදැයි සොයා බැලීමය. නාසා අභ්‍යවකාශ ආයතනය කියුරියෝසිටි (කතුහලය) නමැති රොබෝ රෝවර් යානය අඟහරු ග‍්‍රහයාගේ ගේල් නමැති ආවාටයට ආසන්නයට පතිත කරවීය.
ඉන්පසු දකින්න ලැබෙන සියලූම දසුන් ඡුායාරූපයට නගා නාසා විද්‍යාඥයන් වෙත යොමු කිරීමට කියුරියෝසිටි කටයුතු කළේය. එසේ එවූ දසුන් අතරේ, අබිරහස් ආලෝකයක්, මලක් වැනි වස්තුවක්, මකුළුවෙක්, සපත්තුවක් වැනි වස්තුවක්, ඔබාමාගේ මුහුණට සමාන පාෂාණමය වස්තුවක් ආදී දකින්න ලැබුණි.
කියුරියෝසිටි රෝවරය අඟහරුගේ පස් සාම්පල පරීක්ෂා කරමින් ලබා ගන්නා දත්ත පෘථිවියට එවීම නොකඩවා සිදු කරයි. රෝවරයට බලය සැපයෙන්නේ එහි බල සැපැයුම් පද්ධතියෙහි ඇති ප්ලූටෝනියම් ඩයොක්සයිඞ් කිලෝ ග‍්‍රෑම් 4.8 කිනි. විකිරණශීලී ද්‍රව්‍ය ක්ෂය වීමෙන් විදුලිය නිපදවෙයි. මෙම බල සැපැයුමේ ආයු කාලය වසර 14 ක් බව නාසා ආයතනය පවසා ඇත. පස් සාම්පල එක් රැුස් කිරීමට රොබෝ අතක් යානයෙහි ඇත. දිගු කළ විට එහි දිග මීටර් 2.3 කි. සෙ.මී. 50 ක විෂ්කම්භයකින් යුත් රෝද සෑම එකකටම මෝටර් යොදා ඇත. අංශක 45 ක ආනතියකට නැගීමට හැකියාව ඇති බව මේ වනවිට තහවුරු වී තිබේ. 
නාසා ආයතනය අඟහරු ගවේෂණය සඳහා මීට පෙර ද යානා යැවීය. ඒවා අතරින් ‘ස්පිරිට්’ ‘පාත්ෆයින්ඩර්’ සහ ‘ඔපර්චුනිටි’ යන රොබෝ යානා විශේෂය. අඟහරු මත ද්‍රව අයිස් ඇති බව තහවුරු කළේ එම ගවේෂණ යානාය. ‘ස්පිරිට්’ සහ ‘ඔපර්චුනිටි’ යානා කුඩා ඒවාය. කිලෝ ග‍්‍රෑම් 899 ක් බර ‘කියුරියෝසිටි’ කුඩා මෝටර් රථයක් තරමට විශාලය. එදා මෙදා මිනිසා අභ්‍යවකාශයට යැවූ රොබෝ ගවේෂණ යානා සමඟ සන්සන්දනය කර බලද්දී ඉදිරියෙන්ම සිටින්නේ ‘කියුරියෝසිටි’ රෝවරය බව පැහැදිලිය. 

වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත බලන්න

ලුසිත ජයමාන්න
ඬේලිමේල් ඇසුරිනි

3BA6EE0D00000578-4066618-image-a-53_1482772333193 3BA6EE1500000578-4066618-image-a-52_1482772329501Credit:Nasa

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.