Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857
LATEST NEWS

ජලය හිඟ වියළි කාන්තාර ප්‍රදේශවලදී  පානීය ජලය ලබාගත හැකි ජීවිතාරක්ෂක උපකරණයක් නිර්මාණය කිරීමට මැසචුසෙට්ස් තාක්ෂණ ආයතනයේ පර්යේෂකයින් පිරිසක් සමත් වී ඇත.
 
මෙම උපකරණය භාවිතයෙන් ඇමරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේ වියළි කාන්තාර ප්‍රදේශයකදී ජලය ලබා ගැනීමට පර්යේෂකයින් කටයුතු කර තිබේ. ලොව ඕනෑම කාන්තාර ප්‍රදේශයක දී මෙම උපකරණය භාවිතයෙන් ජලය ලබාගත හැකි බව ඔවුහු පවසති.
 
සූර්යාලෝකය මඟින් මෙම උපකරණය බලගැන්වෙන අතර වාතයේ ඇති තෙතමනය ජලය බවට පරිවර්තනය කිරීම මෙමඟින් සිදුවේ. 
 
ලෝහ-කාබනික සැකැස්මේ කිලෝ ග්‍රෑමයකට ජලය ලීටර් 1 ත් 4 ත් අතර බැගින් නිපදවීමට මෙම උපකරණයට හැකි බව  පර්යේෂකයෝ සඳහන් කරති.
 
පෘථිවියේ වඩාත් ශුෂ්ක කාලගුණික තත්ත්වවලදී මිනිසුන්ට උපකාර කිරීම සඳහා මෙම නව පර්යේෂණයේ ප්‍රතිඵල යොදාගත හැකි බව මැසචුසෙට්ස් පර්යේෂකයෝ පවසති.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.