Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857
LATEST NEWS

අද (21) පූර්ණ සූර්ය ග්‍රහණයක් සිදුවන අතර මෙම  සූර්ය ග්‍රහණය උතුරු ඇමරිකාවට පූර්ණ සූර්ය ග්‍රහණයක් ලෙස දර්ශනය වන බව ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය සඳහන් කරයි.  එමෙන් ම මෙම සුර්ය ග්‍රහණය අර්ධ සූර්ය ග්‍රහනයක් ලෙස  බටහිර යුරෝපා රටවලට, ඊසාන දිග ආසියාව, දකුණු ඇමරිකාව සහ  අප්‍රිකාවේ වයඹ ප්‍රදේශයට දර්ශනය වේ.

මීළඟ පූර්ණ සූර්ය ග්‍රහණය 2019 ජූලි 02 දා සිදුවන අතර එයද දර්ශනය වන්නේ දකුණු ඇමරිකාවට  පමණි. නමුත් 2019 දෙසැම්බර් 26 දින සිදුවන වලයාකාර සූර්ය ග්‍රහණය ශ්‍රී ලංකාවට හොඳින්ම දර්ශණය වේ. මෙය  ත්‍රීකුණාමලය ප්‍රදේශයේදී  පැහැදිලිව දැකගත හැකි අතර  කොළඹට දර්ශනය වන්නේ අර්ධ සූර්ය ග්‍රහණයක් ලෙසය.

තවත් වර්ෂ ගණනාවක් ගිය පසු පෘථිවි වාසීන්ට පූර්ණ සූර්යග්‍රහණ දැකිය නොහැකි වනු ඇත. ඒ මන්ද යත් වර්ෂයක් තුළදී චන්ද්‍රයා පෘථිවියෙන් 3.8 cm පමණ ඈත් වෙමින් පවතින නිසා තවත් කාලයක් ගිය පසු චන්ද්‍රයාට සූර්යයා සම්පූර්ණයෙන්ම ආවරණය කරගත නොහැකි වීම නිසාය. සූර්ය ග්‍රහණ හෝ සූර්යයා දෙස පියවි ඇසින් බැලීම අනතුරුදායක බැවින් ඒ සඳහා විශේෂිත කණ්නාඩි වැනි ආරක්ෂිත උපක්‍රම භාවිතා කළ යුතුය.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.