Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857
LATEST NEWS

සතුන්ගේ ශරීරයේ සිටින කිනිතුල්ලන් සපාකෑම හේතුවෙන් මිනිසාගේ මොළයට හානිකරන රෝගී වෛරසයක් ව්‍යාප්තවෙමින් පවතින බව ඇමෙරිකාව කළ අධ්‍යයනයකින් පළමුවරට හඳුනාගෙන තිබේ.

Tick-borne encephalitis virus ලෙස මෙම රෝගය හඳුන්වා දී ඇත.

එංගලන්තයේ තෙට්ෆෝර්ට් වනය සහ හැම්ප්ෂයර් ප්‍රදේශයේ කිනිතුල්ලන්ගෙන් මෙම රෝගය ව්‍යාප්තව ඇති බව එංගලන්තයේ මහජන සෞඛ්‍ය ආයතනය පවසයි. මේ වනවිට මෙම රෝගය යුරෝපය, ස්කැන්ඩිනැවියාව සහ ආසියාවටද බලපෑම් කරමින් තිබේ.

පළමුව උණ රෝගයක් සෑදී පසුව මොළයට සහ ස්නායු පද්ධතියට හානි කරවන රෝගයක් වන මෙය මොළය ඉඳිමීමෙන් ඇතිවන රෝගයක් ලෙස හැඳින්වේ. කෙසේවුවත් මිනිසාට සිදුව ඇති හානිය තවමත් අවම මට්ටමේ ඇති බවත්, ඒ ගැන තවදුරටත් පරීක්ෂණ පවත්වමින් සිටින බවත් වාර්තා වේ.

ඇමෙරිකාවේ බොහෝ ප්‍රදේශ කිනිතුල්ලන් සහිත පෙදෙස් වන අතර, ඔවුන් සාමාන්‍ය තත්වයක් බවද, මුවන්ගේ වර්ධනය හේතුවෙන් කිනිතුල්ලන්ගේ වර්ධනයක් දැක ගත හැකි බවද ඔවුහු පෙන්වා දෙති. මුවන්, බළලුන්, බල්ලන්ගේ සිරුරුවල සිටින කිනිතුල්ලන් කඳුකර පෙදෙස්වල සරණ මිනිසුන්ගේ ශරීරයේ රැඳී, සැඟව සිටිමින් සපාකන අතර මේ නිසා ආසාත්මිකතා මෙන්ම රෝග ද සෑදෙන බව තහවුරු කරගෙන ඇත. විශේෂඥයින් පවසන්නේ, මෙම කිනිතුල්ලන් සංචාරක කුරුල්ලන්ගෙන් බෝවන්නට ඇති බවයි. කෙසේවුවත් කිනිතුල්ලෙක් කෑ පමණින් අසනීප වන්නේ යැයිද බිය නොවන ලෙස ඔවුහු පවසති.

කිනිතුල්ලන් සපාකෑම අවමකරගැනීම සඳහා සම ආවරණය කරගන්නැයිද, සපාකෑවිට එම ස්ථානය හොඳින් සෝදා හරින්නැයිද, කිනිතුල්ලන් සපාකෑම නිසා ඇති වූ බව සිතිය හැකි රතු ලප, සෑදුණු උණ රෝග, පසුගිය මාසයක පමණ කාලයක් තුළ දැකිය හැකි වූයේ නම් ප්‍රතිකාර ලබාගැනීමට යොමුවන්නැයිද වෛද්‍යවරු පවසති.

(බීබීසී ඇසුරිනි)

ඩිල්ෂානි චතුරිකා දාබරේ

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.