ප්‍රතිශක්ත චිකිත්සාවට පිළිකා මර්දනයේ ඉහළ හැකියාවක්
- 2016-10-10 09:08:55
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පිළිකා රෝග මර්දනයේ ඉහළ හැකියාවක් ප්‍රතිශක්ත චිකිත්සාව (immunotherapy) සතුව පවතින බව යුරෝපා පිළිකා කොංග්‍රසය පවසයි.
හිසෙහි සහ බෙල්ලෙහි පිළිකා පවතින රෝගීන් සම්බන්ධයෙන් සිදුකළ නවතම අධ්‍යයනයකදී මෙම කරුණු අනාවරණය වී ඇති අතර, රසායන චිකිත්සාවට (chemotherapy) බඳුන් වූවන් හා සැසඳීමේදී ප්‍රතිශක්ත චිකිත්සාවට බඳුන් වූවන් තුළ ඉහළ ප්‍රතිශක්ත හැකියාවක් පවතින බව එහි සඳහන් වෙයි.
මෙම ප්‍රතිශක්ත චිකිත්සාවේදී පිළිකා සෛල විනාශ කිරීම සඳහා ප්‍රතිශක්ත පද්ධතිය සන්නද්ධ කිරීමක් සිදුවන බවද එම අධ්‍යයනය මගින් හෙළි වී තිබේ.
නිව් ඉන්ග්ලන්ඩ් ජර්නල් ඔෆ් මෙඩිසින් හි පළ කෙරුණු මෙම වාර්තාවට අනුව මූලික වශයෙන් රෝගීන් 350ක් යොදාගනිමින් මෙම අධ්‍යයනය සිදුකර ඇත.
එහිදී, වසරක කාලයක් ප්‍රතිශක්ත චිකිත්සාව සිදුකළ රෝගීන්ගෙන් 36% ක් සුව අතට හැරෙද්දී, රසායන චිකිත්සාවට බඳුන්වූවන්ගෙන් සුව අතට හැරී ඇත්තේ රෝගීන්ගෙන් 17% ක් පමණි.
සාමාන්‍යයෙන් මොළය හා බෙල්ල ආශ්‍රිතව සෑදෙන පිළිකා තත්ත්වයන් සුවය ලැබීමේ සම්භාවිතාව ඉතා පහළ අගයක් ගනී.(අද පුවත්පත)
Reply To:
Name - Reply Comment
0 Comments