Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857
LATEST NEWS

වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් පිරිනැමෙන නොබෙල් ත්‍යාගය දිනා ගැනීමට ඇමෙරිකා එක්සත් ජනපදයේ ජාන විද්‍යාඥයන් තිදෙනකු සමත්ව තිබේ. බොහෝ ජීවි දෑ වල නින්ද-අවදි වීම යන චක්‍රය පාලනය කරන ‘ජෛව ඔරලෝසු’ සම්බන්ධයෙන් කරන ලද සොයාගැනීම්, පර්යේෂණ ආදිය සම්බන්ධයෙන් ජෙෆ්රි සී. හෝල්(72), මයිකල් රොස්බෑෂ් (73) සහ මයිකල් ඩබ්. යන්ග්(68) යන ජාන විද්‍යාඥයන්ට වෛද්‍ය විද්‍යාව සඳහා පිරිනැමෙන නොබෙල් ත්‍යාගය හිමි වන බව නොබෙල් සභාව නිවේදනය කළේය.

ඔරලෝසුවක් ස්ථාපිත කිරීමේදි ජාන කරන කාර්ය සොයා ගැනීමට ජෙෆ්රි සී. හෝල්, මයිකල් රොස්බෑෂ් සහ මයිකල් ඩබ්. යන්ග් යන ජාන විද්‍යාඥයන් තිදෙනා සමත් වූ බවත් එමගින් නින්ද, ආහාර රටා, හෝර්මෝන සහ ශරීර උෂ්ණත්වය නියාමනය කරන බවත් නොබෙල් සභාව ප්‍රකාශ කළේය.

වෛද්‍ය විද්‍යාවට හිමි නොබෙල් ත්‍යාගය දිනාගත් ජාන විද්‍යාඥයන්ගේ සොයාගැනීම්වලින් ශාක, සත්වයන් හා මනුෂ්‍යයන් ඔවුන්ගේ ජෛව රිද්මයට හැඩ ගැසෙන ආකාරය සහ පෘථවියේ පරිභ්‍රමණය සමඟ සමමුහුර්ත වන ආකාරය පැහැදිලි කර තිබෙන බව එම සභාව තවදුරටත් කීවේය.

වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් පිරිනැමෙන නොබෙල් ත්‍යාග මුදල වන ස්වීඩන ක්‍රෝනෝර් මිලියන 9 (එක්සත් ජනපද ඩොලර් මිලියන 1.1) ඔවුන් තිදෙනා අතරේ සම සමව බෙදී යයි. එමෙන්ම නම සඳහන් කරන ලද නොබෙල් පදක්කමක් ඔවුන් තිදෙනාට හිමි වේ.

 (ඒ.එෆ්.පී-055)

The winners of the Nobel chemistry prize: Jacques Dubochet, Joachim Frank and Richard Henderson. 

Photograph: NobelPrize.org

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.