Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

පේරු දේශයේ දළ රහිත මී මැස්සන්ට ඇමසන් වනය තුළ නීතිමය  අයිතිවාසිකම් ලබා දී තිබේ.මෙම විප්ලවීය තීරණය පේරු (Peru) රාජ්‍යයෙන් වාර්තා වන අතර, එහි වෙසෙන ලොව පැරණිතම මී මැසි විශේෂය ඇමසන් වෘක්ෂලතාදියෙන් සියයට 80 කට වැඩි ප්‍රමාණයක් පරාගණය කිරීම සඳහා දායක වේ.
ඔවුන්ගේ මෙම අමිල සේවය අගයමින්, පේරු රාජ්‍යය විසින් මෙම මී මැස්සන්ට සහ ඔවුන්ගේ පරිසර පද්ධතිවලට උල්ලංගනය කල නොහැකි ලෙස  අයිතිවාසිකම් රැසක් පිරිනමා ඇත. ඊට පහත අයිතිවාසිකම් ඇතුළත් වේ:
 

 

1. පැවැත්මට සහ වර්ධනය වීමට ඇති අයිතිය

2. සෞඛ්‍ය සම්පන්න ගහනයක් පවත්වාගෙන යාමේ අයිතිය
 
3. දූෂණයෙන් තොර සෞඛ්‍ය සම්පන්න වාසස්ථානයකට ඇති අයිතිය
 
4.පාරිසරික වශයෙන් ස්ථාවර දේශගුණික තත්ත්වයන්ට ඇති අයිතිය
 
5. ඔවුන්ගේ ස්වාභාවික ජීවන චක්‍රයන් පුනර්ජනනය කිරීමේ අයිතිය
 
6. යම් තර්ජනයක් හෝ හානියක් සිදු වූ අවස්ථාවක ඒ වෙනුවෙන් නීතිමය වශයෙන් පෙනී සිටීමේ අයිතිය
 
 
මෙම නව නීතිමය තත්ත්වයේ මූලික අරමුණ වන්නේ මී මැස්සන්ගේ අතිශය සංවේදී වාසස්ථාන ආරක්ෂා කිරීමයි. මෙම විශේෂයට නීතිමය පදනමක් ලබා දීම හරහා, පරිසර පද්ධතියට තර්ජනයක් වන වන විනාශයට සහ අනවසර මිනිස් ක්‍රියාකාරකම්වලට එරෙහිව සටන් කිරීමට සංරක්ෂණවේදීන්ට වඩාත් ශක්තිමත් යාන්ත්‍රණයක් ලැබෙනු ඇත.
 
මෙම නියෝගය නව නීතිමය පූර්වාදර්ශයක් සපයන අතර, මිහිමත මෙවැනි ඉහළ මට්ටමේ ආරක්ෂාවක් ලැබූ පළමු කෘමි විශේෂය බවට දළ රහිත මී මැස්සන් පත්ව ඇත. මෙය "ස්වභාවධර්මයේ අයිතිවාසිකම්" (Rights of Nature) පිළිගැනීම වෙනුවෙන් වර්ධනය වෙමින් පවතින ගෝලීය ව්‍යාපාරයේ සුවිශේෂී ඉදිරි පියවරක්  ලෙස සනිටුහන් වෙයි.
 
Down to Earth වෙබ් අඩවියෙනි

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.