Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

අවසන් දිනය - 2019 සැප්තැම්බර් මස 30 දා 

 

 

 

 

 

මිට්සුබිෂි ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය (Enikki Festa) – 2019 – 2020

ආසියානු ළමුන් නිර්මාණය කරන දින පොත් තුළින් ජාත්‍යන්තර අවබෝධය වර්ධනය කිරීමේ අරමුණු පෙරදැරි කරගෙන ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය මෙවර ද ජපානයේ යුනෙස්කෝ සංගම් සඳහා වූ ජාතික ෆෙඩරේෂනය (NFUAJ), ආසියානු ශාන්තිකර කලාපයේ යුනෙස්කෝ සමාජ සංගම් සඳහා වූ ෆෙඩරේෂනය, මිටිසුබිෂි පොදු කටයුතු කමිටුව සමග එක්ව සංවිධානය කිරීමට තීරණය කර ඇත. ශ්‍රී ලංකාව තුළ මෙම තරගයේ දී සංවිධාන කටයුතු ශ්‍රී ලංකා යුනෙස්කෝ ජාතික කොමිෂන් මගින් සිදුකරනු ලැබේ. ශ්‍රී ලංකාවේ දී මෙම තරගය අදියර දෙකක් යටතේ පැවැත්වේ.

• පළමු අදියර

පහත කොන්දේසිවලට යටත්ව අදාළ වයස් කාණ්ඩයට අයත් ළමුන් හට නිර්මාණ ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබේ. ඒ අතුරින් නිර්මාණාත්මක චිත්‍ර 300 ක් දෙවනි වටය සඳහා තෝරා ගැනේ. එම නිර්මාණ 300 සඳහා ත්‍යාගයක් සහ සහතිකයක් බැගින් පිරිනැමෙන නිර්මාණකරැවන් 300 දෙනා කොළඹට කැඳවා මෙම චිත්‍ර තරගය පිළිබඳ දැනුවත් කර ඔවුන් හට චිත්‍රයක් නිර්මාණය කිරීම සඳහා අවස්ථාව සලසා දේ.

• දෙවැනි අදියර

එසේ අඳින ලද චිත්‍ර අතුරින් අවසන් මහා තරගය වෙනුවෙන් ඉදිරිපත් කිරීම සඳහා නිර්මාණකරැවන් අට දෙනෙකු තෝරා ගනු ලැබේ. (අවසන් වටයට තෝරාගනු ලබන නිර්මාණකරැවන් අට දෙනා එක් අයෙකු විසින් අවසන් මහා තරගය සඳහා ඉදිරිපත් කිරීමට තමාගේ දෛනික ජීවිතය පිළිබඳව විග්‍රහ කෙරෙන චිත්‍ර පහ බැගින් ඇඳිය යුතුය.)

පළමු අදියර සඳහා පහත සඳහන් කොන්දේසි වලට යටත්ව ඔබගේ නිර්මාණ 2019 සැප්තැම්බර් මස 30 වන දිනට පෙර පහත ලිපිනයට යොමු කරන්න.

                         ලේකම් ජනරාල්

                           ශ්‍රී ලංකා යුනෙස්කෝ ජාතික කොමිෂන් සභාව

                           5 වන මහල, අධ්‍යාපන අමාත්‍යාංශය

                           ඉසුරුපාය

                           බත්තරමුල්ල

ඇතුළත් වීමේ කොන්දේසි

• තේමාව :-   මේ මගේ ජීවිතයයි යන්න පෙන්නුම් කරන ඔබේ දෛනික ජීවිතයේ ඕනෑම සිදුවීමක් චිත්‍රයට නගා විස්තර කළ හැකිය. (සොබාදහම සහ දේශගුණය, කැමතිම ක්‍රීඩා, පවුල සහ යහළුවන්, පාසල් ජීවිතය, දේශීය උත්සව, සංස්කෘතික අංග ආදිය)

• වයස් සීමාව :- අවුරැදු 6 ත් 12 ත් අතර

• චිත්‍රයේ ප්‍රමාණය :- මි.මි. 297 × මි.මි. 210 (ඒ4 ප්‍රමාණය)

• මාධ්‍යය :- සායම්, පාට පැන්සල් හෝ ක්‍රෙයෝන් ආදිය භාවිතා කළ හැක.

• නිර්මාණය කළ යුතු ආකාරය : චිත්‍රය ඇඳීමේ දී කඩදාසිය දිග අතට භාවිත කළ යුතු අතර සම්පූර්ණ කඩදාසියෙන් 2/3 ක් චිත්‍රය හා 1/3 ක් විස්තරය සඳහා (පහත ආකෘතියට අනුව) වෙන් කළ යුතුය. ඔබගේ චිත්‍රයෙන් විග්‍රහ කරන දේ පිළිබඳව පේළි 3 – 5 ක රචනයක් ඔබේ මව් භාෂාවෙන් ලිවිය යුතුය.

• ආදර්ශය :- පසුපිට සඳහන් අයදුම්පත නිවැරදිව හා පැහැදිලිව ඉංග්‍රීසි   කැපිටල් අකුරෙන් පුරවා චිත්‍රය පිටුපස නොගැලවෙන සේ ඇලවිය යුතුය. චිත්‍රය පාසලේ විදුහල්පති, අංශභාර ගුරැතුමා, පන්තිභාර ගුරැතුමා හෝ විෂය භාර ගුරැතුමා මගින් සහතික කළ යුතුය.

වැඩි විස්තර සඳහා 011 – 2177002 දුරකතනයෙන් විමසන්න.

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.