Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

චීනය සිය මිනිසුන් සහිත අභ්‍යාවකාශ මෙහෙයුම යටතේ ඊයේ ගගනගාමීන් දෙදෙනකු පෘථිවි කක්ෂය වෙත පිටත් කර හැරි බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ෂෙන්සොයු 11 ලෙස නම් කෙරුණු මෙම මෙහෙයුම යටතේ අදාළ ගගනගාමීන් දෙදෙනා දින 30 කාලයක් අභ්‍යවකාශයේ පිහිටි සිට ටිආන්ගොන්ග් 2 අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රඳවා තැබීම ඔවුන්ගේ අරමුණ බව සඳහන්වේ. ඒ අනුව තවත් වසර 6 කින් එනම් වසර 2022 දී චීනය දියත් කිරීමට සැලසුම් කර තිබෙන මිනිසුන් සහිත අභ්‍යවකාශ මෙහෙයුම්වල තවත් අත්හදා බැලීමක් ලෙසද මෙය සැලකෙයි.

උතුරුදිග චීනයේ ගෝබි කාන්තාර මායිමේ ජියුකුආන් චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයේදී සිදුකෙරුණු මෙම කක්ෂගත කිරීම සඳහා එරට ලෝන්ග් මාර්ච් - 2එෆ් රොකට්ටුව යොදා ගත් බව එරට බලධාරීහු පවසති. මෙහෙයුම දියත් වී දින දෙකක කාලයකින් පසුව මෙම ගනගාමීන් දෙදෙනා ටිආන්ගොන්ග් අභ්‍යවකාශ මධ්‍යස්ථානය හා සම්බන්ධවීමට නියමිතය. මෙහිදී ඔවුන් එහි රැඳී සිටින කාලය තුළදී විවිධ ඖෂධ සම්බන්ධව මෙන්ම අභ්‍යවකාශය හා සබැඳි තාක්ෂණයන් සම්බන්ධයෙන්ද පරීක්ෂණ පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි සඳහන් වේ.

මීට අමතරව 2018 වසරේදී සිදු කිරීමට සැලසුම් කර ඇති ටිආන්ගොන්ග් 2 අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ප්‍රධාන මොඩියුල කොටස දියත් කිරීමේ කටයුත්තට සූදානම් වීම මෙන්ම ඊට අදාළ පද්ධතිය පරීක්ෂා කිරීමත් මේ ගගනගාමීන්ගේ වගකීම වී තිබේ. ජින් හෙයිපෙන්ග් සහ චෙන් ඩොන්ග් යන ගගනගාමීන් දෙදෙනා මෙම ෂෙන්සොයු 11 මෙහෙයුම සඳහා සම්බන්ධව සිටින අතර, මෙය ජින් හෙයිපෙන්ග්ගේ තෙවැනි අභ්‍යවකාශ ගමනද වෙයි.

58040768c36188c5768b4592 australia_clip_art_24227 news-091516c-lg fffff

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.