පාට දෙකේ විල
- 2025-07-16 12:55:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඇමෙරිකාවේ යූටා ජනපදයේ මහා ලවණ විල (Great Salt Lake) යනු උතුරු අර්ධගෝලයේ දකින්න ලැබෙන හයවෙනි විශාලම ලවණ විලය. මෙම විලෙහි ඇති විශේෂත්වය, එහි එක් කොටසක ජලයේ පැහැය නිල් පාටට හුරු නිල් හෝ කොළ පැහැයක් ගැනීම සහ අනෙක් පැත්තේ ඇති ජලය රතු හෝ රෝස පැහැයක් ගැනීමය.
යූටා ජනපද රජය, 1959 වසරේ දී මෙම දැවැන්ත විල හරහා දිය පැන්නුමක් ඉදිකළ අතර පසුව එම දිය පැන්නුම මතින් දුම්රිය මාර්ගයක් ද ඉදි කෙරුණි. දිය පැන්නුම හේතුවෙන්, වෙන්ව ඇති විලේ දකුණු කොටසට ස්වභාවික ජල මූලාශ්ර මගින් ජලය ලැබෙන අතර එම කොටසෙහි ජලයේ ලවණ ගතිය පාලනය වෙයි. එම නිසා එම කොටසෙහි ඇති ජලයේ පැහැය නිල් හෝ කොළ පැහැයක් ගනී.
කෙසේ නමුත් විලේ වම් කොටසට බාහිරින් ජලය ලැබෙන මූලාශ්ර නොමැති බැවින්, එහි තිබෙන ජලයෙහි ලවණකාරී බැක්ටීරියා වර්ධනය වීම සිදුවන අතර එම කොටසෙයි ඇති ජලය අධික ලවණතාවකින් යුක්තය. එම කොටසේ ජලය රතු හෝ රෝස පැහැයක් ගනී.
ලුසිත ජයමාන්න
බීබීසී ඇසුරිනි
Reply To:
Name - Reply Comment
0 Comments