සත්‍යජිත් රායිගේ පවුලේ මහ ගෙදර කඩා ඉවත් කිරීමට බංගලාදේශය රජය පියවර
- 2025-07-16 14:30:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඩකා අගනුවරදීය (ඒ.එෆ්.පී.)
බංගලාදේශයේ ඩකා අගනුවර පිහිටි ලෝක පූජිත සම්මානනීය ඉන්දීය සිනමාකරුසත්‍යජිත් රායිගේ පවුලේ මහ ගෙදර කඩා ඉවත් කිරීමට බංගලාදේශය රජය සැලසුම් කර ඇති අතර, ඉන්දියාවේ විරෝධය ඊට එල්ල වී තිබේ.
වසර සියයක් පමණ පැරණි ඓතිහාසික වටිනාකමක් ඇති, මේ වනවිට ගරා වැටී අබලන් තත්ත්වයේ පවතින එම නිවස බංග්ලාදේශ රජය සතු දේපළක් ලෙස පවතී. ඉන්දීය රජය බංග්ලාදේශ අන්තර්වාර පාලක මණ්ඩලයට පෙන්වා දී ඇත්තේ, නිවස කඩා ඉවත් කිරීම පිළිබඳව නැවත සලකා බලන ලෙසය.
නිවස ප්‍රතිසංස්කරණය කර, සාහිත්‍ය කෞතුකාගාරයක් ලෙස පවත්වාගෙන යෑම කළ යුතු බවත්, අවශ්‍ය නම් එම කටයුතුවලට මැදිහත් වී පූර්ණ මූල්‍යමය සහාය ලබා දීමට හැකි බවත්, ඉන්දීය විදේශ කටයුතු අමත්‍යාංශය බංග්ලාදේශ අන්තර්වාර පාලක මණ්ඩලයට දැනුම් දී ඇත.
Reply To:
Name - Reply Comment
0 Comments