පරිසර පදනමේ රිට් පෙත්සම කල්යයි

2020 ඔක්තෝබර් මස 21 පෙ.ව. 05:18 - {{hitsCtrl.values.hits}}  

විල්පත්තු වන රක්ෂිතය තුළ විශාල පරිමාණයේ ගොඩනැගිලි ඉදිකිරීම නවතාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පරිසර පදනම ගොනු කළ රිට් පෙත්සම වැඩිදුර සළකා බැලීම ලබන ජුනි 1 වැනි දා තෙක් කල් තැබීමට අභියාචනාධිකරණය  අද (6) නියෝග කළේය. මෙම පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප‍්‍රීති පද්මන් සූරසේන සහ විනිසුරු ශිරාන් ගුණරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනසුරු මඩුල්ලක් හමුවේ කැඳවිණි.
 
එහිදී  මෙම විනිසුරු මඩුල්ල පෙත්සම සලකා බැලීම මෙදිනට  කල් තැබිණි. වන සත්ව ආරක්ෂණ සංගමය සහ පරිසර පදනම මගින් ගොනු කර ඇති මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස තිරසර සංවර්ධන හා වනජීවි සහ බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික‍්‍රම පෙරේරා  මහතා ඇතුළු සිව්දෙනෙකු නම් කරනු ලැබ ඇත.

දින පොත