යුරෝපය තුළ හැලජන් විදුලි බල්බ තහනම් කිරිමට යයි
- 2018-08-31 14:44:07
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
යුරෝපය තුළ හැලජන් විදුලි බල්බ භාවිතය ලබන සැප්තැම්බර් පළමුවැනිදා සිට නිෂ්පාදනය තහනම් කිරීමට බලධාරීන් තීරණය කර ඇතැයි වාර්තා වෙයි. හැජලන් වායු යොදා ගනිමින් නිපදවන මෙම විදුලි බල්බ නිසා සිදුවන කාබන් විමෝචනය අධික වීම මේ තහනම සඳහා හේතුව වී තිබේ. කලක් පටන්ම මෙම විදුලි බල්බ භාවිතය තහනම් කිරීමට සාකච්ඡා කෙරී තිබුණත් එය ක්‍රියාත්මක වීම මෙවරදී සිදුව ඇත.
කෙසේ වෙතත් දැනට නිපදවා ඇති හැලජන් විදුලි බල්බ තොග ඉදිරියටත් අලෙවි කිරීම සඳහා අවසරය ලබා දී ඇත. එසේම ඉතා අවම වෝල්ටීය තාවක් සහිත විදුලි බල්බ යොදා ගන්නා උපාංග වෙතද මෙම හැජලන් බල්බ භාවිතයට අවස්ථාව හිමි වෙයි. කෙසේ වෙතත් යුරෝපය තුළ බොහෝ ආලෝක අවශ්‍යතාවන් වෙනුවෙන් මෙම හැලජන් බල්බ වසර 60කට අධික කාලයක් සිය සේවා සැපයූ බව මාධ්‍ය සඳහන් කරයි.
ආවර්තිතා වගුවේ ඇතුළත් ක්ලෝරීන්, ෆ්ලුවොරීන්, බ්‍රෝමීන්, අයඩීන් සහ ඇස්ටටීන් යන රසායනික මූලද්‍රව්‍යයන් මෙම හැලජන් කාණ්ඩයට අයත් වෙයි. මේවා සාමාන්‍යයෙන් ආලෝකකරණ උපාංග සහ උණුසුම්කරණ උපාංග වෙනුවෙන් යොදා ගැනේ. මෙම වායුන් මගින් වඩාත් ඉහළ කාබන් විමෝචනයක් සිදුවන බව කලක පටන්ම හඳුනාගෙන තිබුණි.
ඒ අනුව ඉදිරියේදී මෙම හැලජන් බල්බ වෙනුවට එල්.ඊ.ඩී බල්බ භාවිතය සඳහා සිය ජනතාව යොමුකරවීමට යුරෝපය සූදානමින් සිටියි. එමගින් කාබන් විමෝචනය මෙන්ම විදුලි බිල්පත්ද අඩු කරගත හැකි බව මෙම ක්ෂේත්‍රයේ නිරත පිරිස් සහ සමාගම්ද සඳහන් කරයි. විශේෂයෙන්ම මෙම එල්.ඊ.ඩී බල්බවල විදුලි පරිභෝජනය සාමාන්‍ය හැලජන් බල්බයකදී මෙන් පහෙන් පංගුවකි. එසේම එවැනි එල්.ඊ.ඩී. බල්බයක් සාමාන්‍ය හැලජන් බල්බලයකට වඩා ටොන් මිලියන 15කින් කාබන් විමෝචනය අවම කරයි.(wmdjbm)
Reply To:
Name - Reply Comment
0 Comments