වායු දූෂණය නැවතෙයි - එවරස්ට් කඳු මුදුන දර්ශනය වෙයි
- 2020-05-25 12:35:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පසුගිය සතියේදී නේපාලයේ කත්මන්ඩු නුවරට පළමුවරට ලොව උසම කන්ද වන එවරසට් කඳු මුදුන දර්ශනය විය. මෑත ඉතිහාසයේ එය දර්ශනය වූ පළමු අවස්ථාව මෙයයි. එම අවස්ථාව ඡායාරූප ගත කර තිබුණේ අබුෂාන් ගෞතම් නමැත්තෙකි. පසුගිය මාස දෙක තුළදී එවරස්ට් කන්ද දර්ශනය නොවූ බව නේපාලයේ පුවත්පත් වාර්තා කරයි.
කොරෝනා වසංගත තත්වය හේතුවෙන් අගුලුදැමූ, සීමා පැනවූ නගරවල වාහන ධාවනය නොවීමෙන්ද, කර්මාන්තශාලාවල කටයුතු නවතාතිබීමෙන්ද වායු දූෂණය අඩුවෙමින් තිබීමත්, පිරිසිදු වායුව පැතිරතිබීමත් එවරස්ට් දර්ශනයවීමට හේතුවයි.
වාහන ධාවනයෙන් පැතිර යන දුම වායු දූෂණයට ප්‍රධාන හේතුව වී තිබූ අතර, පසුගිය මාස කිහිපයේදී වාහන ධාවනය වීම ඉතාම අවම වීම හේතුවෙන් එයින් යහපත් බලපෑමක් සිදුව තිබේ.
කත්මන්ඩුහි වායූ දූෂණය හේතුවෙන් හටගන්නා රෝගී තත්වයන්ට ප්‍රතිකාර ගැනීම සඳහා රෝහල්වලට පැමිණෙන රෝගීන්ගේ ශීඝ්‍ර අඩුවීමක්ද දක්නට ලැබිණි. බොහෝ රෝගීන් පවසා ඇත්තේ, රෝහලේ වෛද්‍යවරුන් නියම කළ පරිදි ඔක්සිජන් වායු ප්‍රතිකාරය අවශ්‍ය නොවූ බවයි.
එවරස්ට් කඳු මුදුන, කන් නඩුවෝ සසහ චොබුට්සේ යන කඳුවලට සැඟවී තිබෙනු මැයි 10 වන දින දක්නට ලැබූ අයුරු ඡායාරූපයේ දැක්වේ.
(නේපාලි ටයිම්ස් ඇසුරිනි)
ඩිල්ෂානි චතුරිකා දාබරේ
Reply To:
Name - Reply Comment
0 Comments