පරිසර නියමු ජනාධිපති පදක්කම් ප්‍රදානෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන් ..
- 2019-10-12 16:10:29
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පරිසර නියමු ජනාධිපති පදක්කම් ප්‍රදානෝත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් (10) පෙරවරුවේ කොටුව ජනාධිපති මන්දිරයේ දී පැවැත්විණි.
ශ්‍රී ලාංකේය ආනගත පුරවැසියන් පරිසර හිතකාමීන් ලෙස සමාජගත කරමින් මාතෘ භූමියේ සුන්දර පරිසර උරුමය මතු පරපුරට දායාද කිරීම මුඛ්‍ය අරමුණු කර ගනිමින් මධ්‍යම පරිසර අධිකාරිය විසින් අධ්‍යාපන අමාත්‍යාංශයේ පූර්ණ අනුග්‍රහයෙන් ජාතික පරිසර නියමු වැඩසටහන මෙරට පාසල් පද්ධතිය තුළ ක්‍රියාත්මක කරනු ලබයි. පරිසර නියමුවෝ 40 දෙනෙකු මෙහිදී ජනාධිපති පදක්කමින් අභිසෙස් ලැබූහ.
"පරිසර සංරක්ෂණයෙහි ලා පරිසර අධ්‍යාපනයේ වැදගත්කම" මැයෙන් විද්වත් දේශනයක් කොළඹ විශ්ව විද්‍යාලයේ, හෙද අධ්‍යාපන අංශයේ, වැඩබලන පීඨාධිපති මහාචාර්ය දේවක වීරකොන් මහතා විසින් සිදු කළේය. 2019 පරිසර නියමු ජනාධිපති පදක්කම් ප්‍රදානෝත්සවය නිමිත්තෙන් සම්පාදනය කෙරුණු සමරු කලාපය ද ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි.
රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම, ජනාධිපති ලේකම් උදය ආර්.සෙනෙවිරත්න, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ඉසුර දේවප්‍රිය, මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
Reply To:
Name - Reply Comment
0 Comments