දරුවන්  සුරකින ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තියට වසර 30 සැපිරේ

2020 අගෝස්තු මස 11 පෙ.ව. 08:33 - {{hitsCtrl.values.hits}}  

එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් සම්මුතිය ළමයින්ගේ සමාජ,ආර්ථික,දේශපාලනික, සංස්කෘතික මනෝවිද්‍යාත්මක හා අධ්‍යාත්මික ආදී වූ සෑම අංශයකම ධනාත්මකක්‍රියාකාරීත්වයන් වෙනුවෙන් සකස් කරන ලද ජාත්‍යන්තර ලියවිල්ලකි.ඒ සඳහා අත්සන් තබනලද සෑම රටක්ම එය ක්‍රියාවට නැංවීම රාජ්‍ය වගකීමක් ලෙස පිළිගනිමින් එය විවිධ මට්ටම්වලින් ක්‍රියාත්මක කරනු ලබයි.

එහි ඉතිහාසය 1923 දක්වා ඈතට දිව යයි. ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියේ මෑතකාලීන වර්ධනයට මූලික අඩිතාලම 1923 දී එග්ලන්ටයිං ජෙබ් මහත්මියගේ මූලිකත්වයෙන්ජාත්‍යන්තර ළමාරක්ෂක සංගමය බිහිවීමත් සමගම ගොඩ නැගෙයි.එම සංගමය ලොවවෙසෙන දරුවන්ට විශේෂ අයිතිවාසිකම් රැසක් ඇති බව පෙන්වා දුන් අතර වගන්ති 05 කින්සමන්විත ලේඛනයක් ප්‍රකාශයට පත් කරමින් ළමා සුබසාධනය හා ළමා අයිතිවාසිකම්අවධාරණය කරන ලදී.පළමු වරට ළමා අයිතිවාසිකම් ලේඛනගත කිරීම මෙයින් සිදුවිය.ජිනීවාප්‍රකාශනය යනුවෙන් හඳුන්වන මෙය 1924 දී ජාතීන්ගේ සංගමයේ සාමාජිකයන් 50 න් යුත්සමුළුවකදී අනුමත කරන ලදී.ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය කෙටුම්පත් කිරීමට පදනම් වූයේ 1959 වසරේදී සම්මතකරන ලද මෙම ප්‍රකාශනයයි.ළමා අයිතිවාසිකම් කෙටුම්පත් කිරීමට කමිටුවක් පත්කරන ලද්දේ1979 වසරේ යෙදී තිබුණු ජාත්‍යන්තර ළමා වර්ෂයේදි එය අනුමත කරවා ගැනීමේඅභිලාෂයෙනි.ගැඹුරින් සමාලෝචනය වූ මෙම සම්මුතියේ අඩංගු කරුණු සම්බන්ධයෙන් අවසානනිගමනයකට එලඹෙමින් 1989.11.20 දින එය අනුමත විය. වගන්ති 54 කින් සමන්විත මෙයරටවල් වැඩිම සංඛ්‍යාවක් අත්සන් තබා පිලි ගැනීමට එකග වූ ජාත්‍යන්තර ලියවිල්ලක් වේ.සෑම වසර 5 කට වරක් මෙම සම්මුතිය පිළි ගැනීමට ලක් වූ රටවල් එක්සත් ජාතීන්ගේ ළමාඅයිතිවාසිකම් කමිටුව ඉදිරියේ තම රටේ ළමා අයිතිවාසිකම් සුරැකීමේ තත්වය පිළිබඳ වාර්තාකිරීමට වගකීමෙන් බැඳි සිටී.1991 දී ශ්‍රී ලංකාව ද මෙම සම්මුතියට අත්සන් තබා පිළි ගැනීමටඑකඟතාවය ඵලකරන ලදී. ඒ අනුව අප රටද ඉහත කී වාර්තාකරණ ක්‍රියාවලියට බැදී සිටි.

ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය ප්‍රධාන මූල ධර්ම 4 ක් මත පදනම්ව සකස්වී ඇත.

1 දරුවාගේ උපරිම යහපත                                       2  වෙනස්කොට නොසැලකීම ( විශේෂයක් නොකිරීම)

3  ජීවිතය,දිවි පැවැත්ම හා සංවර්ධනය පිළිබඳ අයිතිය   4  ළමයාගේ මතයට ගරු කරනු ලැබීම.

වගන්ති 54 කින් සමන්විත වූ ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තියේ සඳහන් වගන්ති මෙසේ කොටස්  කල හැකිය.

01 – 41 දක්වා වගන්ති - සම්මුතිය පිලිගන්නා රටවල් විසින් ක්‍රියාත්මක කල යුතු ළමාඅයිතිවාසිකම් දක්වයි.

42 – 45 දක්වා වූ වගන්ති - සම්මුතිය ක්‍රියාත්මක කිරීම හා, පරීක්ෂා කිරීම හා ඒ හා අදාල වාර්තාකරණ ක්‍රියාවලිය දක්වයි.

46 – 54 දක්වා වු වගන්ති - සම්මුතිය වලංගුවීම සඳහා රාජ්‍යයන් විසින් ඉටුකල යුතු කාර්යය භාරය දක්වයි.

ප්‍රඥපප්තිය මගින් ආවරණය වන සියලු අයිතිවාසිකම් පරාසය ඉංග්‍රීසි “p “ අකුරු 3 ක් යටතේ සංෂිප්තව දැක්විය හැකිය

P -   PROTECTION ( ආරක්ෂාව)

P –  PROVISION  ( සැපයීම)

P –  PARTICIPATION ( සහභාගීත්වය)

01 – 42  දක්වා වූ ළමා අයිතිවාසිකම් දම්වැලක පුරුක් සේ එකිනෙකට බැඳී සිටින අතරඑකක් අනෙකින් වෙන්කොට දැකවීමට අපහසු තරමට එකිනෙක මත රඳා පවති. ළමාඅයිතිවාසිකම් ප්‍රඥප්තියේ කරුණු මූලික කාණ්ඩ 4 කට දැක්විය හැක.

1  පැවැත්මට ඇති අයිතිය.         2  සංවර්ධනයට ඇති අයිතිය.

3  සහභාගීත්වයට ඇති අයිතිය.   4  ආරක්ෂාවට ඇති අයිතිය.

පුළුල්  පරාසයක් තුළ දිවෙන ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය රටක් තුළ ක්‍රියාත්මක කිරීම එක්ආයතනයට ,එක් සංවිධානයකට හෝ එක් පුද්ගල කණ්ඩායමකට සිදු කල හැකි කර්තව්‍යක්නොවේ.ජාත්‍යන්තරව බැඳී සිටින මෙම සම්මුතිය රට තුළ බලාත්මක කිරීමට නම් අදාල සියළුපාර්ශවයන් බහු ආංශික ප්‍රවේශක් හරහා අන්තර් සහයෝගීතාවයෙන් යුතුව දායකත්වයදැක්විය යුතුය.

ශ්‍රී ලංකාව තුළ ළමා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට ගෙන ඇති සාධනීය පියවර

  •  2006 වසරේදී ළමයින් හා කාන්තාවන් වෙනුවෙන් නව අමාත්‍යාංශයක් පිහිටුවීම
  •  ශ්‍රී ලංකා පොලීසියට අනුබද්ධ පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයන් ලංකාව ආවරණය වන පරිදි පිහිටුවීම.
  •  1990 අංක 50 දරණ පාර්ලිමේන්තු පනතින් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පිහිටුවීම
  •  1929 දරණ ළමා උපකාරක දුරකතන සේවය ඇරඹීම.
  •   ළමා අධිකරණ පිහිටුවීම ආදිය ඉන් මුල් තැනක් ගනී.

ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය ක්‍රියාත්මක කිරීමේලා සමත් ව්‍යුහීය අවශ්‍යතාව

1956 දී පිහිටවූ පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමෙන්තුව , 1991 දී අත්සන් තැබූළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය පිළිබඳව ලංකාව තුළ ක්‍රියාත්මක කරන ජාතික කමිටුව කැඳවීම,සමාලෝචනය හා පසුවිපරම සිදු කරන ලදී. පටන් ගැන්මේ පටන් මෙම කටයුතු අමාත්‍යාංශමට්ටමේ සම්බන්ධිකරණය හා නියෝජනය ළමා කටයුතු හා සෘජුව සම්බන්ධ වනඅමාත්‍යාංශයට හිමි විය. ඒ අනුව අද එහි වගකීම උසුලනුයේ කාන්තා කටයුතු හා ළමාසංවර්ධන සහ වියළි කලාප සංවර්ධන අමාත්‍යාංශයයි.මෙම ප්‍රඥප්තිය ප්‍රාදේශීය, ග්‍රාමීය වැනි බිම් මට්ටමේ ස්ථරයන් ආමන්ත්‍රණය කිරීමට ක්‍රමවත්හා ශක්තිමත් ක්‍රමවේදයක් නොපැවතීම ප්‍රබල ගැටළුවක් ලෙස හදුනා ගැනීමත් සමග ඊටවිසඳුමක් 1999 මැයි මස 16 දින සැපයිණි. ඒ ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන් නම් වූකණ්ඩායමක් රාජ්‍ය සේවයට බඳවා ගැනීමයි.ලංකාව පුරා පිහිටි ප්‍රාදේශීය ලේකම්කාර්යාලවලට ඔවුන් අනුයුක්ත කරන ලද්දේ විශේෂ පුහුණු කිරීම් වලින් පසුවය.මෙසේ

සේවයට බැදුනු මෙම නිලධාරීන් මෙම වසරේ මැයි මාසය සමරනුයේ ඔවුනගේ 20 වසරකළමා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම උදෙසා ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීගේ මැදිහත්වීම් /සේවාවන්

  • ළමා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේලා ක්‍රියාත්මක වන ළමා සංවර්ධන කමිටු
  • ක්‍රියාවලිය සක්‍රීයව පවත්වාගෙන යාමට ක්‍රියා කිරීම.
  • ග්‍රාමීය මට්ටමේ සිට ප්‍රාදේශීය, දිස්ත්‍රික් හා ජාතික මට්ටමින් පැවැත්වෙන ළමා සංවර්ධන කමිටු
  • මගින් දරුවන්ට බලපාන ගැටළු ආමන්ත්‍රණය කිරීමට ,සැලසුම් , ප්‍රතිපත්ති සකස් කිරීමටකටයුතු කෙරේ

ළමා අයිතිවාසිකම් පිළිබඳ ජාතික මෙහෙයුම් කමිටුව

  • ළමා අයිතිවාසිකම් පිළිබඳ පළාත්  මෙහෙයුම් කමිටුව
  • ළමා අයිතිවාසිකම් පිළිබඳ දිස්ත්‍රික් ළමා සංවර්ධන කමිටුව
  • ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රාදේශීය මෙහෙයුම් කමිටුව
  • ළමා අයිතිවාසිකම් පිළිබඳ ග්‍රාමීය සංවර්ධන කමිටුව

ධනුෂ්ක ආරියවංශ

පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තූව (මාධ්‍ය එකකය)

වැඩිදුර කියවීමට

දින පොත