Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

වැනිසියේ සහ ඉතාලියේ නිපදවන ලද, නිල් බෙරි ගෙඩියේ ප්‍රමාණය සහ පැහැය ගත් නිල් පැහැති වීදුරු පබලු කිහිපයක් ඇමෙරිකාවේ ඇලස්කා ප්‍රාන්තයේ උතුරු ප්‍රදේශයේ පුනියික් පොයින්ට් නම් පෙදෙසෙහි නිවාස භූමියක තිබී පුරාවිද්‍යාඥයන් පිරිසක් සොයාගෙන තිබේ.

 මෙම පබලු  කුඩා ආභරණකින් ගැලැවුණු ඒවා බව ඔවුහු පෙන්වා දෙති.

පබලු බැඳ තිබූ තුනී නූල රේඩියෝ කාබන් කාල නිර්ණ ක්‍රමයට පරීක්ෂා කළ පුරාවිද්‍යාඥයෝ ඒවා වර්ෂ 1440 -1480ත් අතර කාලයකට අයත්බව අනාවරණය කරගත්හ. ඒ අනුව, දේශගවේෂකයකු වූ ක්‍රිස්ටෝපර් කොලම්බස් 1492 දී ඇමෙරිකාව සොයාගත් කාලය තරම් අතීතයකට මේ පබලු හිමිකම් කියයි.

චීනයේ සේද මාවත හරහා සයිබීරියාවට එම පබලු එන්නට ඇතැයි පර්යේෂකයෝ පවසති. වෙළඳාම් කටයුතුවලදී එකිනෙකා අතර හුවමාරු වෙමින් මේවා පැමිණි බවත්, යුරෝපයෙන් ආරම්භ වූ වෙළඳ කටයුතු, සේද මාවත දිගේ චීනයටත්, අවසානයේදී, සයිබීරියාව ඔස්සේ ඇමරිකාව සහ රුසියාව වෙන්වෙන පැසිෆික් සාගරයේ ඇති බෙරින් සමුද්‍ර සංධිය වෙතද පැමිණ ඇති බව ඔවුන්ගේ අදහසයි.

මෙම සොයාගැනීමත් සමඟ, යුරෝපය සහ උතුරු ඇමෙරිකාව අතර වෙළඳාම ආරම්භ වූ කාලය පිළිබඳව පැවති කාලදත්ත වෙනස්වන බව පර්යේෂණ කරන ගවේෂකයෝ පෙන්වා දෙති.

ඇලස්කාවේ තවත් ප්‍රදේශ දෙකකින් ද මේ පබලු සොයාගෙන ඇති අතර, ඒ අනුව නිල් පැහැ පබලුවල එකතුව 10කි. මේ පබලු හමුවූ පුනියික් ප්‍රදේශයේ කරිබුවා නම් පිනිමුව වර්ගයක් බහුලව සිටින බැවින්, එම පෙදෙස වෙළඳාම් කරන පිරිස නවතින සුප්‍රකට ස්ථානයක් බව පැවසේ. එසේම පබලු නිපදවන ලදැයි සැලකෙන වැනීසිය වසර 1,500ක් පුරා වීදුරු නිෂ්පාදනය සම්බන්ධයෙන් බොහෝ මිනිසුන් එක් රැස්වූ ස්ථානයකි.

කෙසේවෙතත්, මේවා ‘කයක්’ නම් ඔරුවලින් ශ්‍රීතාධික ආක්ටික් සාගරය හරහා ඇලස්කාවට ගෙනෙන්ට ඇති බවට ගවේෂකයෝ අනුමාන කරති.

මෙම ස්ථානයෙන් 1950 සහ 1960 යන වසරවලදී, නිල් පැහැති ඛණිජයකින් කළ පබළු කිහිපයක් ගවේෂකයන් සොයාගෙන තිබිණි. නමුත් ඒවා කොහෙන් පැමිණියේද යන්න අනාවරණය කරගත නොහැකි විය. ඔවුන් යළි එහි 2004දී පැමිණි අතර, එම කැණීම්වලින් තවත් නිල් පබලු තුනක් සමඟ තඹ අත් පළඳනා සහ ලෝහ වළලු ද සොයාගන්නා ලදී. ඒවා කර්ණාභරණ හෝ මාලයක හෝ අත්පළඳනාවක කොටස් විය හැකි බව ඔවුහු සඳහන් කරති.

ඇමෙරිකානුවන්ගේ නිෂ්පාදන ක්‍රමවේද, උපයෝගීතාව, ස්වභාවය පිළිබඳව වර්තමානයේදී පිළිගෙන ඇති කාල නිර්ණයට මෙම පබලු  අභියෝගයක් බව ගවේෂකයෝ සඳහන් කරති.

“අපරාර්ධ ගෝලයේ ඇති ප්‍රාග් ඓතිහාසික ස්ථානවලින් හමුවූ නිශ්චිත යුරෝපීය ද්‍රව්‍යයක ස්වභාවය පෙන්වන පළමු උදාහරණය  මේ පබලුයි. මෙය යුරෝපය කේන්ද්‍ර කරගනිමින් පැතිර ගිය වෙළඳාමේ ප්‍රතිඵලයක්” යැයි පුරාවිද්‍යාඥයෝ පවසති.

 (ඩේලිමේල් ඇසුරිනි)

ඩිල්ශානි චතුරිකා දාබරේ

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.