Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ආනන්දා ගී රංගා

  • 2018-11-26 11:16:14
  • 0 Comments

කොළඹ ආනන්ද විදුහලේ ප‍්‍රාථමික අංශයේ දරුවන්ගේ දක්‍ෂතා කරළිය මත දිග හැරුණු ‘‘ආනන්දා ගී රංගා’ පසුගිය 9 වන සිකුරාදා කොළඹ සුගතදාස ගෘහස්ත ක‍්‍රීඩාංගනයේදී උත්කර්ෂවත් ලෙස පැවත්වුණි.

දරුවන් එක්දහස් පන්සියයක් පමණ මෙහිදී නැටුම් ගැයුම් ඉදිරිපත් කළ අතර වේදිකාවේ කෙළි පොඩිත්තන් ලෙස අපූරුවට රංගනයේ යෙදුණේ ද ආනන්ද පුතුන්ය.

උළෙලේ ප‍්‍රධාන ආරාධිත අමුත්තෝ වූයේ කිර්තිමත් ආදි ආනන්දියන් දෙදෙනෙක් වන පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා සහ සංගීතවේදී භාතිය ජයකොඩි මහතාය. විදුහලේ ඉංජිනේරු තාක්‍ෂණ අංශයේ සහකාර අංශ ප‍්‍රධාන ජගත් ජයවර්ධනගේ පිටපත් රංචනයෙන් ප‍්‍රසංගය හැඩ වූ අතර සහන් රන්වල ප‍්‍රමුඛ රන්වල බළකාය, ජනතාත් වරකාගොඩ, විදුහලේ සෞන්දර්ය ඒකකයේ මෙන්ම ප‍්‍රාථමික අංශයේ ගුරු භවතුන්ගෙන්ද ඊට ලැබුණේ නොමද සහායකි. විදුහල්පති එස්.එම්. කීර්තිරත්න මහතාගේ උපදෙස් මෙන්ම ප‍්‍රාතමික අංශයේ ප‍්‍රධානාචාර්ය ආර්.එන්.සී. රන්දෙණි මහතාගේ කැපවීම ද මෙහි දී සඳහන් කළ යුතුමය.

-සුනිල්

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.