ඌව පළාතේ පාසල් ආරම්භය සම්බන්ධයෙන් දැනුම්දීමක්
- 2025-12-15 14:41:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ආපදා තත්ත්වයන් හමුවේ ඌව පළාතේ වසා දැමූ පාසල් යළි ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ රෝහිත අමරදාස මහතා පවසයි.
මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා පැවසුවේ දිනයන් දෙකක් යටතේ ඌව පළාතේ පාසල් යළි විවෘත කිරීමට කටයුතු යොදා ඇති බවයි.
දැඩි ලෙස ආපදාවන්ට ලක් වූ පාසල් හැර අනෙකුත් පාසල් හෙට (16) දිනයේත් බලපෑම් එල්ලව ඇති පාසල් 29 වනදාත් ආරම්භ කිරීමට නියමිතව අැත.
ඌව පළාතේ මොනරාගල දිස්ත්‍රික්කයේ පාසල් 291න් බිබිල කළාපයේ දෙහිගලවත්ත පාසල හැර අනෙකුත් සියලු පාසල් 290වම හෙට (16) දින විවෘත කිරීමට කටයුතු යොදා ඇත.
බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගන කළාපයේ දික්යාය විද්‍යාලය, කළුකැල විද්‍යාලය සහ පින්නගොල්ල විද්‍යාලය හැර අනෙකුත් පාසල් 78 හෙට (16) දින විවෘත කරන බව බවයි රෝහිත අමරදාස මහතා කීය.
බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල කලාපය, බණ්ඩාරවෙල කලාපය, වැලිමඩ කලාපය, පස්සර කලාපයේ සියලු පාසල් හෙට (16) දින ආරම්භ නොවන අතර 29 වැනිදින එම කළාපවල සියලු පාසල් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙයි.
Reply To:
Name - Reply Comment
0 Comments