Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

පාරම්පරික හස්ත කර්මාන්ත ක්‍ෂේත්‍රයක් වන දුම්බර රටා  හණ කර්මාන්තය ස‍ඳහා අමුද්‍රව්‍යයක් ලෙස මධ්‍යම පළාතේ රජයේ වගා මුඩු ඉඩම්වල හණ වගාකිරීමේ වැඩසටහනක් ජාතික ශිල්ප සභාවේ මධ්‍යම පළාත් කාර්යාලය විසින් ආරම්භ කර තිබේ.

මෙම වැඩසටහන යටතේ හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රිකිල්ලගස්කඩ, ජොන්ස්ලන් වත්ත ප්‍රදේශයේ අක්කර දෙකක හණ පැළ8,000ක වගාවක්ද යටවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ආලෝකගම  අක්කරයක හණ පැළ3,000ක වගා ව්‍යාපතියක් ආරම්භ කර ඇති බව ජාතික ශිල්ප සභාවේ මධ්‍යම පළාත් සහකාර එම්.එම්.එච්.ජී. සමරනායක මහතා සඳහන් කළේය.

විද්‍යාත්මකව Yucca gloriosa  (srilankan jute) ලෙස හඳුන්වන හණ ශාකය දුම්බර රටා හණ කර්මාන්තයේ මැත කාලීනව භාවිත කරන ප්‍රධාන අමුද්‍රව්‍යක් ලෙස භාවිතා කරයි. අතීතයේදී මේ සඳහා යොදගන්නා ලද්දේ නියඳ ශාකයයි. දුම්බර රටා හණ කර්මාන්තයේ ඉතිහාසය මහනුවර රජ සමය දක්වා දිව යයි. කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කලාසිරිගම සහ  යටවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨසයේ ආලෝකගම ගම්මානයේ කර්මාන්තය ව්‍යාප්තවී ඇති අතර ශිල්පීන් සියයකට ආසන්න ප්‍රමාණයක් කර්මාන්ත සිදුකරගෙන යති.

දුම්බර රටා හණ යොදාගෙන පාරම්පරිකව දුම්බර කලාල, බිත්ති සැරසිලි, බුමුතුරුණු නිර්මාණය කරන ලද හණ කර්මාන්ත ශිල්පීහු, වර්තමානයේ අත් බෑග්, පර්ස් වර්ග, විසිතුරු නිර්මාණ සහ ටේබල් මැට් ආදියද නිර්මාණය කරති.

මෙම හණ වගා ව්‍යාපෘතිය සඳහා වසරක කාලයක් ගතවී ඇති අතර වසර දෙකක කාලයකින් හණ පතු නෙළාගැනීමට හැකියාව තිබේ. හණ පඳුරකින් හණ පතු දහයක් පමණ නෙළාගැනීමට හැකියාව පවතින අතර, මේ වනවිට හණ කෙඳි කිලෝවක වෙළෙඳපොළ මිල රුපියල් 1500ක් පමණ වන බවත් එය අතිරේක ආදායම් මර්ගයක් වන බවත් එම්.එම්.එව්.ජි. සමරනායක මහතා පවසයි.

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.