අනුරාධපුර දිසාවේ පළමු අදියර පුහුණු පාඨමාලාව
- 2016-12-05 10:21:44
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අනුරාධපුර දිසා බාලදක්ෂ සංගමය විසින් සංවිධානය කරනු ලැබූ පළමු අදියර බාලදක්ෂ නායක පුහුණු පාඨමාලාවක් 2016 නොවැම්බර් මස 29 වැනිදා අනුරාධපුර දිසා බාලදක්ෂ මූලස්ථානයේදී පැවැත්විණි. අනුරාධපුර දිසාවෙහි මෙතෙක් බාලදක්ෂ කණ්ඩායම් නොමැති පාසල් නියෝජනය කරමින් ගුරුවරුන් 25 දෙනෙක් මෙම පුහුණුව සදහා සහභාගි වූහ. පාඨමාලා නායක ලෙස එච්.එස්. ගුණපාල මහතා කටයුතු කළ අතර, උප නායක ලෙස ජී.බී.එස්. වීරවික්‍රම මහතා කටයුතු කලේය. දිසා කොමසාරිස් කේ.ඩී.සී. දසනායක මහතා, ස.දි.කො. පුහුණු ජයලාල් උදයකුමාර මහතා, රාජසිංහ හේරත් මහත්මිය, වයි.එම්. යසවතී මහත්මිය ආචාර්ය මණ්ඩලය ලෙස කටයුතු කළහ. ඒ අනුව පුහුණුව නිමාකළ ගුරුවරුන් විසින් ඉදිරියේදී මෙතෙක් බාලදක්ෂ කණ්ඩායම් නොමැති පාසල්වල නව බාලදක්ෂ කණ්ඩායම් ආරම්භ කරනු ඇත.
සටහන - චමින්ද වාරියප්පෙරුම
Reply To:
Name - Reply Comment
0 Comments