අවුරුද්දේ බාලදක්ෂ පා ගමන් හරියට යමු
- 2019-04-04 19:52:54
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ස්මාර්ට් ජංගම දුරකථන භාවිතයට හුරැ වූ ඔබට ඔබ සිටින ස්ථානය, ඔබ යා යුතු ස්ථානය සහ ගමන් මග නිවැරදිව සොයා ගැනීමට ගතවන්නේ සුළු වේලාවක්ය.
මෙම තත්ත්වය වර්තමානය වනවිට බාලදක්ෂයින් හට ගැටලුවක් ඇතිකර දී තිබේ. එයට හේතුව විවිධ පදක්කම්වල දී බාලදක්ෂයා සහභාගි විය යුතු පා ගමන් සඳහා අඳින සිතියම ගූගල් සිතියම් අනුසාරයෙන් නිර්මාණය කිරීමය.
නොමග නොයමු
බාලදක්ෂ පා ගමනකට සහභාගි වීම ඉගෙනුම් ක්‍රියාවලියක් බව බාලදක්ෂ ඔබ තේරැම් ගත යුතුව ඇත. එම අභ්‍යාසය සඳහා ඔබ දක්වන අවංක දායකත්වය අනුව ඔබට ලැබෙන ප්‍රතිඵලය සදා අමරණීය වනු ඇත.
පා ගමනේ යන්නේ ඇයි ?
බාලදක්ෂ පදක්කම් අතරට පා ගමන් ඇතුළත් කර ඇත්තේ ඇයිදැයි සොයා බැලිය යුතුය. එයට හේතු කිහිපයක්ම ඇත. ක්ෂණිකව ලැබෙන මාර්ගයක් හෝ හෝඩුවාවක් හෝ ඔස්සේ හඹායාමට යොමු කිරීමෙන් අදහස් කරන්නේ ඔබ ජීවිතයේ ඉලක්ක හඹා යාමට පුහුණු කිරීමය. පා ගමන අතරතුර ඇතිවන බාධක ඔබ ජයගත යුතුය. එම බාධක ඔබ ජීවත්වීමේ දී එදිනෙදා මුහුණ දෙන බාධක, ගැටලු ජය ගැනීමට ඉවහල් විය හැකිය.
බාලදක්ෂ ඔබ සහභාගි වන පා ගමන නිවැරදිව සිතියම් ගත කළ යුතුය. එම සිතියම නොසැලකිල්ලෙන් අඳින ලද කුරැටු ගෑ සිතියමක් නොවිය යුතුය. ජාත්‍යන්තරව පිළිගත් සංකේත, සලකුණු යොදා ගෙන අනුපාතයකට අඳින සිතියම භූගෝලීය සිතියම් කියවීමට ඔබට මනා පුහුණුවක් ලබා දෙයි. එම දැනුම ලෝකයේ ඕනෑම ස්ථානයක අඳින ලද පරිමාණානුකූල සිතියමක් කියවා වටහා ගැනීමට අවැසි දැනුම බාලදක්ෂයා වෙත ලබා දෙයි.
මාලිමා යන්ත්‍රයක් භාවිත කරන්න
බාලදක්ෂයකු ලෙස සහභාගි වන පා ගමනක දී මාලිමා යන්ත්‍රයක් භාවිත කළ යුතුය. එසේ කිරීමෙන් යාන්ත්‍රිකව උතුරැ දිශාව නිවැරදිව සොයා ගැනීමට බාලදක්ෂයා උනන්දු වෙයි. පා ගමනේ ගමනාන්තය වෙත නිවැරදි දිශා මගින් ගමන් කරන බාලදක්ෂයා සැබෑ ජීවිතයේ නිවැරදි දිශාව තෝරා ගනියි යන කියමන නිරතුරැව මෙනෙහි කළ යුතුය. එසේ කිරීමෙන් සැබෑ ජීවිතයේ දී හමුවන වැරදි මිතුරන්ගෙන් හා වැරදි ක්‍රියාවන්ගෙන් ආරක්ෂා විය හැකිය.
බාධක හැකිතාක් ජයගන්න
පා ගමන අතරතුර දී සැලසුම් කළ බාධක රුසක් බාලදක්ෂයා හට අත් විඳීමට සිදුවෙයි. ස්ථානෝචිතව කටයුතු කළ යුතු ආකාරය බාලදක්ෂයා හට උගන්වන්නේ අනපේක්ෂිතව හමුවන බාධකයි. කුඩා අවධියේ දී අවංකව හා සත්භාවයෙන් යුතුව පා ගමන්වලට සහභාගි වූ බාලදක්ෂයෝ වියපත් වූ විටත් එම මතක ආවර්ජනය කරති. එවැනි වූ සැබෑම අතීත ආවර්ජනයක බාලදක්ෂයින්ට නිරත විය හැකි නම් එය වර්තමාන බාලදක්ෂයින් හට ආදර්ශයක් වනු ඇත.
Reply To:
Name - Reply Comment
0 Comments