Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

සැබෑ බාලදක්ෂයකු විය හැක්කේ කෙසේදැයි බේඩ්න් පවෙල් සාමිතුමන් විසින් බාලදක්ෂයින් හට උගන්වන ලද්දේ එතුමා රචනා කළ බාලදක්ෂ විද්‍යාව කෘතිය. අනුසාරයෙන් ය. 
එබැවින් බාලදක්ෂ විද්‍යාව කෘතියසෑම බාලදක්ෂයකුම කිහිපවරක් කියවා තේරැම් ගෙන එය භාවිතයට ගත යුතු ය. ඒ සඳහා නව මානයකින් නව මගක්  ගැනීමට පසුගිය ජාත්‍යන්තර නිර්මාතෘ දිනයේ දී බාලදක්ෂ නායකයෝ කටයුතු කළහ. මෙහි දැක්වෙන්නේ එම උත්සාහය සාර්ථක වූ ආකාරයයි.

බී. පී. සමග මුහුණට මුහුණ
බේඩ්න් පවෙල් සාමිතුමන්ගේ සහ ඔලෙව් සෙන්ට් ක්ලෙයාර් මැතිනියගේ චරිතය ඇසුරින් නිර්මාණය කළ මෙම වැඩසටහන නම් කර තිබුණේ... LORD BP’S BACK යනුවෙනි.
බී. පී. යුවළ මපට රෑපයකින්
ගත වූ වසර සියයක බාලදක්ෂ ඉතිහාසයේ බේඩ්න් පවෙල් සාමිතුමන් සහ එම මැතිනිය මපට් රෑපයකින් නිර්මාණය කර නැත. මිනිස් රැවක ප්‍රමාණයකින් මපට් රෑප නිර්මාණය කිරීම අභියෝගාත්මක කටයුත්තක් විය. මූලික හැඩතල ආරක්ෂා කර ගනිමින් බේඩ්න් පවෙල් යුවළගේ මපට් රෑප ලෝකයෙන්ම ප්‍රථම වරට නිර්මාණය කරන ලද්දේ රංග වස්ත්‍ර නිර්මාණ ශිල්පී මුදිත තොටගමුව මහතා ය. එතුමා ඒ පිළිබඳව දැක්වූයේ මෙවැනි අදහසක් විසිනි.
වසර පහළොවකට ආසන්න කාලයක් රංග වස්ත්‍ර නිර්මාණ ශිල්පියකු ලෙස කටයුතු කළ මා මීට පෙර මෙවැනි දෙයක් නිර්මාණය කර තිබුණේ නැහැ. එම අදහස මුලින් ම මට යෝජනා කළේ ගිහාන් කල්‍යාණ බාලදක්ෂ ආචාර්යවරයා යි. ඔහු මට දුන් අදහස් එකතු කර මාස දෙකක කාලයක් තිස්සේ කරන ලද පර්යේෂණයේ ප්‍රතිඵලයයි මේ ඔබ දකින්නේ. 
ශ්‍රී ලංකාවේ දේශපාලනික වැඩසටහන් වලදී මපට් නිර්මාණය එළි දැක්වූ අවස්ථා කිහිපයක් තිබෙනවා. එහෙත් බාලදක්ෂයාගේ සහ අනාගත ළමයාගේ පෞරැෂ වර්ධනය සඳහා සිදු කළ මෙම නිර්මාණය තුළ විශාල ගැඹුරක් තිබෙනවා. ශ්‍රී ලංකාවේ සිටින සිඟිති බාලදක්ෂයින්, පෝතක බාලදක්ෂයින් සහ කුඩා මිතුරියන් මෙම නිර්මාණයට බොහෝ ඇලුම් කරනු ඇතැයි මා සිතනවා.

බාලදක්ෂ විද්‍යාව සිංහලෙන්
ඉංග්‍රීසි භාෂාවෙන් රචනා කළ SCOUTING FOR BOY’S කෘතිය සිංහල භාෂාවට පරිවර්තනය කර ඇත. ඒ ඉංග්‍රීසි මුල් පිටපතෙනි. එම නිසාම එහි ඇති රසය යළි යළිත් කියවා රස විඳිය හැකි ය. එහි ලේඛන ශෛලිය ගුවන් විදුලි නාට්‍ය ආකෘතිය හා සමීප ය.  
එම නිසාම ගුවන්විදුලි නාට්‍ය ආකෘතිය භාවිත කරමින් හඬ නළුවන් යොදා ගනිමින් සිදු කළ මපට් රෑප සංවාද බාලදක්ෂ විද්‍යාව කෘතියට සමපාත කොට ඇත. කියවීමේ අපහසුතා ඇති බාලදක්ෂයින් හට ඇසෙන ශබ්දය හා දකින චලනය වන මපට්  රෑප අනුසාරයෙන් කඳවුරැ කතන්දර කලාව ගොඩනැගී ඇත.

 සතියකට වරක් කඳවුරැ කතාන්දරය අලුත් වෙයි
මපට් රෑප සමග සිංහල භාෂාවෙන් හඬ කැවූ අලුත්ම කඳවුරැ කතාන්දරය සෑම සතියකම සෙනසුරාදා එළි දකිනු ඇත. එය scouting.lk වෙබ් අඩවියට පිවිස නැරඹිය හැකි ය.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.